ක්‍රීඩා ලොව කලින් කළ පුවත් මවන්නෙකු වන දකුණු අප්‍රිකානු ආබාධිත කෙටි දුර ධාවක ඔස්කා පිස්ටෝරියස් සිර දඬුවමින් නිදහස් කිරීමට දකුණු අප්‍රිකානු අධිකරණය පියවර ගෙන ඇත.
ඊයේ (19දා) පිස්ටෝරියස් මෙලෙස නිදහස් කළද ඔහුව පස් අවුරුදු නිවාස අඩස්සියෙන් නිදහස් කිරීමට අධිකරණය ක්‍රියා කර නොමැත.
2013 වර්ෂයේදී එවකට සිය පෙම්වතිය වූ රීවා ස්ටෑන්කැම්ප් වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් පිස්ටෝරියස්ට එරෙහිව නඩු පැවරීමට දකුණු අප්‍රිකානු අධිකරණය ක්‍රියා කළ අතර, ඒ හේතුවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගත වීමටද සිදු විය.
කෙසේ නමුත් පසුව අධිකරණය විසින් ඔහු රීවාව සිතා මතාම ඝාතනය කළේ යැයි චෝදනාවලින් නිදහස් කළ අතර, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම මත සිරදඬුවම් නියම කෙරිණි.
කෙසේ නමුත් පසුව පිස්ටෝරියස්ගේ සිර දඬුවමින් නිදහස් කර ඔහුව නිවාස අඩස්සියේ තැබීම සඳහා අධිකරණය පසුගිය සතියේ තීරණය කළේය.
මේ අනුව බ්ලේඩ් රනර් ලෙස හැඳින්වෙන 28 හැවිරිදි පිස්ටෝරියස්ට ඉදිරි වසර 5 ක කාලය පිස්ටෝරියාහි පිහිටි සිය මාමාගේ නිවසේ ගත කිරීමට සිදුවනු ඇත.