දෙවැනි දිනය වැස්සට සේදෙයි
සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ෆාටුල්ලාහ්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට සම්පූර්ණයෙන් වර්ෂාවෙන් බාධා වූ හෙයින් වූ අද (11දා) දිනයේ ක්‍රීඩාකිරීම අතහැර දැමීමට සිදුවිය.
ඛාන් ශාහිබ් උස්මාන් අලි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම ඊයේ (10දා) දිනට තරගය නතර කරන විට පන්දුවාර 56 ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 239 ක් රැසක්කරගෙන සිටියේය. මෙම සබඳතාව ඉන්දීය ආරම්භක පිතිකරු යුගලයක් ගොඩනැගූ සිවුවැනි ඉහළම සබඳතාව වේ.
විනෝ මන්කාඩ් හා පංකාජ් රෝයි නවසීලන්තයට එරෙහිව 1956 වසරේදී ලකුණු 413 ක සබඳතාවක් ගොඩනැගීම ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ආරම්භක කඩුල්ලේ සබඳතාව වෙයි.
මේ වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටින ශිකර් දවාන් ලකුණු 150 ක් හා මුරලි විජේ ලකුණු 89 ක් රැස්කරගෙන සිටිති. අද (12දා) තරගයේ තෙවැනි දිනයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

