දිවා ආහාරය වනවිට බංග්ලාදේශය 201-1
බංග්ලාදේශයේ චිතගොන්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා අද (06දා) තරගය නතර කරන විට පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 201 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් ශ්රි ලංකා පළමු ඉනිමට වඩා තවත් පසුපසින් ඇත්තේ ලකුණු 386 ක් පමණි.
සිය කළුදුල් ටෙස්ට් ශතකය අබියස සිටින ශම්සුර් රෙහමාන් ලකුණු 93 ක් හා ඉම්රුල් කායිස් ලකුණු 91 ක් රැස්කරගෙන සිටිති.
ඊයේ (05දා) පළමු කඩුල්ල ලෙස තමීම් ඉක්බාල් බංග්ලාදේශ කණ්ඩායම එකදු ලකුණක් හෝ රැස්කිරීමට මත්තේ දැවිගිය පසු, මෙම ක්රීඩකයන් දෙදෙනා මේ වනවිට දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 201 ක සබඳතාවක් ගොඩනගා සිටින අතර, එය බංග්ලාදේශය දෙවැනි කඩුල්ල වෙනුවෙන් මේ දක්වා රැස්කර ඇති හොඳම සබඳතාවද වෙයි. එමෙන්ම එය ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් රැස්කර ඇති දෙවැනි හොඳම සබඳතාවද වේ.
ශ්රී ලංකාව 587/10 (පන්දුවාර 156.4)
කුමාර් සංගක්කාර 319 (පන්දු 482, 4x32, 6x8)
මහේල ජයවර්ධන 72 (පන්දු147, 4x6)
අජන්ත මෙන්ඩිස් 47 (පන්දු 67, 4x6)
කිත්රුවන් විතානගේ 35 (පන්දු 52, 4x6)
දිමුත් කරුණාරත්න 31 (පන්දු 61, 4x4)
දිනේෂ් චන්දිමාල් 27 (පන්දු 38, 4x2, 6x1)
කෞෂාල් සිල්වා 11 (පන්දු 46)
බංග්ලාදේශය පන්දු යැවීම
ශකීබ් අල් හසන් 148/5 (පන්දුවාර 34)
නසීර් හුසේන් 16/2 (පන්දුවාර 6.4)
අල් අමීන් හුසේන් 81/1 (පන්දුවාර 26)
සොහැග් ගාසි 181/1 (පන්දුවාර 48)
මහමුදුල්ලා 110/1 (පන්දුවාර 34)
බංග්ලාදේශය පළමු ඉනිම 201/1 (පන්දුවාර 53)
ශම්සූර් රෙහමාන් 93* (පන්දු 160, 4x9, 6x1)
ඉම්රුල් කායිස් 91* (පන්දු 167, 4x15, 6x1)
ශ්රී ලංකාව පන්දු යැවීම
සුරංග ලක්මාල් 32/1 (පන්දුවාර 11)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

