තෙවැනි තරගයට ළහිරු කුමාර කැඳවයි
සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද ඒළි දැක්වුයේය. 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයෙන්, පළමු තරග දෙක සඳහා නම් කොට සිටි මිලින්ද සිරිවර්ධන ඉවත් කොට ඒ වෙනුවට 19 හැවිරිදි ළහිරු කුමාර කැඳවා ඇත.
දකුණතින් වේග පන්දු යවන ළහිරු කුමාර මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදි සිසුවකු වන අතර හෙතෙම පසුගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී විශිෂ්ඨ දස්කම් දැක්විමට සමත් විය. එහිදී සමස්ථ තරගාවලියේදීම ඔහු තරග 2 කට සහභාගි වෙමින් කඩුළු 13 ක් දවා ලීමට සමත් විය.
තෙවැනි තරගයට නම් කළ ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ටී.එම්. දිල්ෂාන් කුසල් ජනිත් පෙරේරා , ධනංජය ද සිල්වා, ඇන්ජගෝ පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු , ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, දිල්රුවන් පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්, අමිල අපොන්සු, ළහිරු කුමාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
