තරගාවලියේ ජය 1-0 ලෙස ශ්රී ලංකාවට
ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර චිතගොන්හිදී පැවැති දෙවැනි හා අවසාන ටෙස්ට් ක්රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. නමුත් තරගාවලියේ ජය 1-0 ක් ලෙසින් ශ්රී ලංකාවට හිමිවිය.
ලකුණු 467 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායම තරගය නතර කරන විට කඩුළු 03 ට ලකුණු 271 ක් ලබා සිටියේය. තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයම කුමාර සංගක්කාර විසින් ලබා ගන්නා ලදී.
ඊයේ තරගය නිමා වනවිට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 12 ක් රැස් කරගෙන සිටියේය. ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සවස තේපානයෙන් පසුව කඩුලු 04 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ලකුණු 467 ක ඉලක්කයක් බංගලාදේශ කණ්ඩායමට ලබාදුනි.
අජන්ත මෙන්ඩිස් සිය ක්රිකට් දිවියේ හොඳම පන්දු යැවීම මෙම තරගයේදී සනිටුවන් කිරීමට සමත්වූ අතර, ඔහු ලකුණු 99 ට කඩුලු 6 ක් දවාලීමට සමත්විය.
පළමු ඉනිමේදී ත්රිත්ව ශතකයක් (319) ලබාගත් කුමාර සංගක්කාර දෙවැනි ඉනිමේදී ශතකයක් (105) ලබාගැනීමට සමත් වූ අතර ලෝක ක්රිකට් ඉතිහාසයේ එවැනි දස්කමක් කළ ලෙසද දෙවැනි ක්රීඩකයාටෙස්ට් ඉනිම් දෙකේදීම ශතක රැස්කළ දෙවැනි ශ්රී ලාංකික පිතිකරුවා ලෙසද, ටෙස්ට් තරගවලදී වැඩිම ශතක ගණනක් රැස් කළ ශ්රී ලාංකික පිතිකරුවා ලෙසද වාර්තා පොත් අතරට එක්විය.
ශ්රී ලංකාව 587/10 (පන්දුවාර 156.4)
කුමාර් සංගක්කාර 319 (පන්දු 482, 4x32, 6x8)
මහේල ජයවර්ධන 72 (පන්දු147, 4x6)
අජන්ත මෙන්ඩිස් 47 (පන්දු 67, 4x6)
කිත්රුවන් විතානගේ 35 (පන්දු 52, 4x6)
දිමුත් කරුණාරත්න 31 (පන්දු 61, 4x4)
බංග්ලාදේශය පන්දු යැවීම
ශකීබ් අල් හසන් 148/5 (පන්දුවාර 34)
නසීර් හුසේන් 16/2 (පන්දුවාර 6.4)
බංග්ලාදේශය පළමු ඉනිම 426/10 (පන්දුවාර 119.5)
ඉම්රුල් කෙයිස් 115 (පන්දු 218, 4x17, 6x1)
ශම්සූර් රෙහමාන් 106 (පන්දු 191, 4x11, 6x1)
ශකීබ් අල් හසන් 50 (පන්දු 89, 4x9)
ශ්රී ලංකාව පන්දු යැවීම
අජන්ත මෙන්ඩිස් 99/6 (29.5)
දිල්රුවන් පෙරේරා 119/3 (පන්දුවාර 39)
සුරංග ලක්මාල් 70/1 (පන්දුවාර 23)
ශ්රි ලංකාව දෙවැනි ඉනිම 68/2 (පන්දුවාර 22)
කුමාර් සංගක්කාර 105 (පන්දු 144, 4x11, 6 x2 )
දිනේෂ් චන්දිමාල් 100 (පන්දු 158, 4 x4)
ඇන්ජලෝ මැතිව්ස් 43 (පන්දු 38, 4 x3, 6x1)
බංග්ලාදේශය පන්දු යැවීම
මහමදුල්ලා 46/2 (පන්දුවාර 18)
අල් අමීන් හොසෙන් 31/1 (පන්දුවාර 07)
බංග්ලාදේශය දෙවැනි ඉනිම
මොමිනුල් හක් 100* (පන්දු 167, 4 x11)
ශම්සූර් රහමාන් 45 (පන්දු 98, 4 x6)
ශ්රි ලංකාව පන්දු යැවීම
දිල්රුවන් පෙරේරා 55/2 (පන්දුවාර 28)
කිත්රුවන් විතානගේ 73/1 (පන්දුවාර 16)
සටහන - මංජු ප්රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

