එංගලන්තයේ ට්රෙන්ට්බ්රිජ් ක්රිකට් ක්රීඩා පිටිය අන්තර්ජාතික තරග සඳහා නුසුදුසු ආකාරයෙන් සකසා තිබූ බවට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය මගින් චෝදනා කරයි. එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග පහකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී මෙම ක්රීඩා පිටියේදී පැවැත්විය. අයි. සී. සී. පවසන්නේ එම තරගය සඳහා ක්රීඩා පිටියේ සැකසීම උචිත ලෙස සිදුනොකර ඇති බවයි.
එහිදී ඔවුන් එල්ල කරන ප්රධානම චෝදනාව වන්නේ තණතීරුවේ පිත්ත හා පන්දුව අතර සබඳතාව නිසියාකාරව සිදුනොවනු බවයි. කෙසේ නමුත් මෙම තරගයේදී කණ්ඩායම් දෙකම ඉහළ ලකුණු ප්රමාණයක් වාර්තා කිරීම විශේෂත්වයක් වූ අතර, පිතිකරණ වාර්තා කිහිපයක්ද බිහිවිය.
කෙසේ වෙතත් එංගලන්ත හා වේල්ස් ක්රිකට් පාලක මණ්ඩලය (ඊ.සී.බී) මගින් ඉදිරි තරග වාරය සඳහා ක්රීඩාපිටියේ තණතීරුව නැවත සකස් කිරීමට එකඟ වී ඇත.