ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 41 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී අද (18දා) ආරම්භ විය. මෙම තරගාවලිය එළඹෙන 20 වැනිදා දක්වා පැවැත්වේ.
ක්‍රීඩා උලෙළ ආරම්භකරමින් මීටර 10000 පිරිමි ඉසව්ව පැවැති අතර, එම ඉසව්වේ රන් පදක්කම මධ්‍යම පළාත නියෝජනය කළ ලයනල් සමරජීව විසින් දිනාගත්තේය. ලයනල් ඉකුත් වසර කිහිපයේම මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයාය. දිනයේ දෙවැනි ඉසව්ව ලෙස මීටර 5000 කාන්තා තරගය පැවති අතර, එහි රන් පදක්කම සබරගමුව පළාතේ යූ.කේ. නිලානි රත්නායක විසින් දිනාගත්තාය.
තෙවැනි තරගය ලෙස පැවති තුන් පිම්ම කාන්තා ඉසව්වේ රන් පදක්කම බස්නාහිර පළාතේ එච්.ඩී. විදූෂා ලක්ෂාන් විසින් දිනාගත් අතර, එය නව තරග වාර්තාවක්ද විය.
මෙවර තරගාවලියේ වඩාත් අවධානයක් දිනාගත් ඉසව්වක් වූ හෙල්ල විසිකිරීමට පිරිමි ඉසව්වේ රන් පදක්කම සබරගමුව පළාත නියෝජනය කළ සුමේද රණසිංහ විසින් දිනාගත්තේය. ඔහු හෙල්ල විසිකිරීමේ වත්මන් ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරුවා වේ. ඔහු මෙම මස 03 වැනිදා දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ වෙනුවෙන් පැවති තේරීම් තරගයේදී මීටර 83.04 ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකාව වාර්තාව පිහිටුවීය. ඒ හේතුවෙන් ඔහුට එළබෙන වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළටද සුදුසුකම් ලබාගැනීමට හැකිවිය.කෙසේ නමුත් සුමේදට අපේක්ෂිත දක්ෂතා අතරට මෙම තරගයේදී යාමට නොහැකිවූ අතර, ඔහුට වාර්තාකළ හැකිවූයේ මීටර 75.91 ක් පමණි. නමුත් එය නව තරග වාර්තාවක් විය.
උතුරු පළාත නියෝජනය කළ ජේ. අනීතා රිටි පැනීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත්තාය. මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන උතුරු පළාත දිනූ පළමු රන් පදක්කමද මෙය විය. යගුලිය විසිකිරීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ටී.කේ. ප්‍රනාන්දු විසින් දිනාගත් අතර, සිය පදක්කම වෙනුවෙන් ඇය මීටර 14.45 ක දක්ෂතාවක් දැක්වීය.
අද දිනයේ පැවති ක්‍රීඩා ඉසව් අතරින් අවසන් ඉසව්ව් ලෙස මිටිය විසිකිරීම පිරිමි තරගය පැවති අතර, එම තරගයේ රන් පදක්කම දිනාගැනිමට සබරගමුව පළාත නියෝජනය කළ ආර්.එම්.එස්.ජේ. රණසිංහ විසින් දිනාගත්හ.
අද දිනයේ තරග ආරම්භකරන විට ක්‍රීඩා උලෙළේ ඉසව් 22 ක තරග පවත්වා අවසන්ව තිබූ අතර, එම තරග දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පසුගිය මාස කිහිපයේ විවිධ ප්‍රදේශවල පවත්වා තිබුණි. ඒ අනුව ජවන හා පිටියේ තරග පමණක් පැවැත්වීමට ඉතිරිව තිබුණි.
තරගාවලියේ මේ දක්වා පැවැති තරගයන්ට අනුව බස්නාහිර පළාත සුපුරුදු පරිදි පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන අතර, මධ්‍යම පළාත දෙවැනි ස්ථානයේද, උතුරුමැද පළාත තෙවැනි ස්ථානයේද පසුවෙයි.
අද පැවැති තරගයන්හි ප්‍රතිඵල
මීටර 1000 (පිරිමි)
ඩී.අයි. සමරජීව
1.ඩී.අයි. සමරජීව (මධ්‍යම පළාත/වි. 30.48.75)
2. ජී.කේ.ආර්. සමන් කුමාර (ඌව පළාත/ වි. 30.58.10)
3. බී.යූ. විජිත කුමාර (දකුණු පළාත/ වි. 31.05.94)
මීටර 5000 (කාන්තා)
මෙහි රන් පදක්කම දිනාගත් නිලානි රත්නායක වාර්තා කළ කාලය නව තරග වාර්තාවක් වේ.
1.යූ.කේ. නිලානි රත්නායක (සබරගමුව පළාත/ වි. 16.50.67)
2. ඒ.එන්.එල්. ආරියදාස (සබරගමු පළාත/ වි. 17.34.46)
3. ඒ. ශාමලී ළමාහේවා (ඌව පළාත/ වි. 17.47.43)
තුන් පිම්ම (කාන්තා)
එච්.ඩී. විදූෂා ලක්ෂානි
මෙහි රන් පදක්කම දිනාගත් විදූෂා ලක්ෂාන් වාර්තා කළ දක්ෂතාව නව තරග වාර්තාවක් වේ.
1.එච්.ඩී. විදූෂා ලක්ෂානි (බස්නාහිර පළාත/ මී. 12.98)
2. කේ.ඒ.එස්. දුලාංජලී (උතුරු මැද පළාත/ මී. 12.16)
3. ඩී.ආර්. පූජා දිව්යාංගි (බස්නාහිර පළාත/ මී. 12.09)
හෙල්ල විසිකිරීම (පිරිමි)
සුමේද රණසිංහ
1.සුමේද රණසිංහ (සබරගමුව පළාත/ මී. 75.91)
2. ඩී.එස්. රණසිංහ (දකුණු පළාත/ මී. 73.24)
3. ආර්.පී.ඩබ්.එල්. දයාරත්න (වයඹ පළාත/ මී. 72.85)
රිටි පැනීම (කාන්තා)
ජේ.අනීතා
මෙහි රන් පදක්කම දිනාගැනීමට උතුරු පළාත නියෝජනය කළ ජේ. අනීතා සමත්වූ අතර, එම මෙම තරගාවලියේ එම පළාත දිනාගත් පළමු රන් පදක්කමද විය.
1.ජේ. අනිතා (උතුරු පළාත/ මී. 3.25)
2. කේ.ඒ.කේ. ලක්රානි පෙරේරා (බස්නාහිර පළාත/ මී. 3.15)
3. ආර්. කරේරි (උතුරු පළාත/ මි. 2.75)
යගුලිය විසිකිරීම(කාන්තා)
ටී.කේ. ප්‍රනාන්දු
1.ටී.කේ. ප්‍රනාන්දු (බස්නාහිර පළාත/ මී. 14.45)
2. එම්.එන්.ඩී. මුතුනායක (වයඹ පළාත/ මී. 13.20)
3. පී.ඒ. ප්රියානිකා කුමාරි (දකුණු පළාත/ මී. 11.47)
මිටිය විසිකිරීම (පිරිමි)
කේ. නිලන්ත
1.කේ. නිලන්ත (බස්නාහිර පළාත/ මී. 45.08)
2. එල්.ඒ.ඩී.ඊ.පී. ඇලන්සන් (බස්නාහිර පළාත/ මී. 44.65)
3. ඩබ්.ජී.එස්.ආර්. කුමාරසිරි (උතුරු මැද පළාත/ මි. 44.26)
තරගාවලියේ මෙතෙක් පදක්කම් සටහන
පළාත රන් රිදී ලෝකඩ එකතුව
1. බස්නාහිර 69 57 41 167
2. මධ්‍යම 45 30 56 131
3. උතුරු මැද 15 18 35 68
4. දකුණ 13 22 34 69
5. වයඹ 11 21 31 63
6. සබරගමුව 09 20 27 56
7. ඌව 04 05 11 20
8. නැගෙනහිර 04 04 05 13
9. උතුර 01 02 05 08
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ