වසරේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරත්, වසරේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය මලල ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චිත් දිනාගනිමින් පළමු වරට පැවති ජනාධිපති ක්‍රීඩා සම්මාන ප්රදානෝත්සවය ඊයේ (19දා) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදී නිමාවට පත් විය.
කාණ්ඩ 30 ක් යටතේ දක්ෂතා දැක්වූ ක්‍රීඩා ක්ෂේත්රයට සම්බන්ධ පිරිස් වෙත සම්මාන ප්රදානය කළ මෙම සම්මාන උලෙළ 2015 වර්ෂයට අදාළ වූ අතර, මෙහිදී වසරේ දක්ෂතම ක්‍රීඩා පෞරුෂත්ව සම්මානය හිමි වූයේ ක්‍රිකට් ක්‍රීඩක හා වත්මන් ක්‍රිකට් තරග තීරක රංජන් මඩුගල්ලේ මහතාටයි.
පළමු වරට ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා සම්මානය ද හිමි කර ගැනීමට කුමාර් සංගක්කාර සමත්වීම විශේෂත්වයක් වූ අතර, එහි ජනප්‍රියම ක්‍රීඩිකාව සම්මාන හිමි කරගත්තේ පසුගිය ආසියානු කුසලන දැල්පන්දු ශූරියන් වූ කණ්ඩායමේ නායිකා ගයනි දිසානායකයි. මෙම ජනප්‍රියතම සම්මාන ප්‍රේක්ෂකයන්, ක්‍රීඩා මාධ්‍යෙව්දීන් හා අවසන් දිනයේදී සම්මාන උලෙළට සහභාගි වූවන්ගේ ඡන්දවලින් තෝරා පත් කර ගනු ලැබීය.
එමෙන්ම මෙහිදී වසරේ දක්ෂතම කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්මාන හිමි කර ගනිද්දී, දක්ෂතම කනිෂ්ඨ කණ්ඩායම ලෙසින් ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායම සම්මාන හිමි කර ගත්හ.
එමෙන්ම මෙහිදී ක්‍රීඩා ක්ෂේත්රයට කරන ලද සේවය වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ජනාධිපති ක්‍රීඩා කීර්ති නාම 06 ක් යටතේ සම්මාන 14 ක් මෙහිදී පිරිනැමුණු අතර, ක්‍රීඩා ක්ෂේත්රය සඳහා ජනාධිපති කීර්ති නාමයන් පිරිනැමුණු පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාස ගත විය.
සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහත්වරුද සෙසු ආරාධිතයින් අතරට ඇතුළත් වූහ.
දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය නිමාලි විසි්න හිමි කර ගනිමින්
දක්ෂතම ක්‍රීඩකයා සම්මානය (කුමාර් සංගක්කාරට හිමි) සනත් ජයසූරිය විසින් ලබා ගනිමින්
දක්ෂතම ක්‍රීඩා පෞරුෂය සම්මානය (රංජන් මඩුගල්ල විසින් හිමි කර ගත් ) ඔහුගේ බිරිඳ විසින් ලබා ගනිමින්
වසරේ ක්‍රීඩා පිටුව (ඉංග්‍රීසි මාධ්‍යය)
වසරේ ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානය
වසරේ
ඡායාරූප - ඉසුරු පෙරේරා