ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල්ට සති තුනක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදුවෙනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මයිකල් ඩි සොයිසා පැවැසූ බව ක්‍රික් ඉන්ෆෝ පුවත් සේවය වාර්තා කරයි.
චන්දිමාල් ඊයේ (08දා) ඔස්ට්‍රේලියාවට එරෙහි පැවැති තරගයේදි කළවයේ ආබාධයකට ලක්වූ අතර ඔහු පිළිබඳව අවසන් තීරණයක් පැය 48ක කාලයක් තුළදී ගැනීමට නියමිත බවද එම පුවත් සේවය කියයි.
ඔස්ට්‍රේලියාවට එරෙහිව වේගවත් ඉනිමක් දියත් කළ චන්දිමාල් ආබාධ තත්ත්වය හේතුවෙන් පිටියෙන් ඉවත්ව නොගියානම් තරගයේ ප්‍රතිඵලය බොහෝ විට ශ්‍රී ලංකාවට වාසිදායක වීමට අවස්ථාවක් තිබූ බව ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.
ආබාධ තත්ත්වය යටතේ පවා ඔහු පිටියේ රැඳී සිටීමට උත්සාහ කළත් පසුව ඔහු පිටියෙන් ඉවත්විය.
චන්දිමාල් ඊයේ ක්‍රීඩා කළ සිය පළමු ලෝක කුසලාන ඉනිම වන අතර එහිදී ඔහු ලෝක කුසලාන තරගාවලියක වේගත්ම සිවුවැනි අර්ධ ශතකයද රැස්කිරීමට සමත්විය. (පන්දු 22)
ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා ආබාධ වලට ලක්වූ පස්වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා චන්දිමාල් වෙයි.
ධම්මික ප්‍රසාද්, ජීවන් මෙන්ඩිස්, රංගන හේරත්, දිමුත් කරුණාරත්න ඔහුට ප්‍රථම ආබාධවලට ලක්විය.