මොන්ටිකාලෝස් ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රංශයේ ගායෙල් මොන්ෆිල්ස්, ප්‍රංශයේ ජෝවිල්ෆ්රඩ් සොංගා, ස්පාඤ්ඤයේ රෆායේ නඩායෙල් හා බ්‍රිතාන්‍යයෙ ඇන්ඩි මරේ සමත් වූහ. ඒ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයන් ජයගනිමිනි.
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයන් හෙට (16) හා අවසන් තරගය අනිද්දා (17) පැවැත්වීමට නියමිතය. මේ අතර වසර හයකට පසු අන්තර්ජාතික ටෙනිස් පිටියේ තමන් ලැබූ දරුණුතම පරාජය සනිටුහන් කරමින් මෙවර මොන්ටිකාලෝ මාස්ටර්ස් ටෙනිස් තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගයෙන්ම පරාජයට පත්ව තරගාවලියෙන් ඉවත් වීමට වත්මන් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් සමත් විය.
ඒ ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි 55 වැනි ස්ථානයේ පසුවන චෙක් ජනරජයේ ජිරි වෙස්ලි හමුවේ තරග වට 2-1 ක් ලෙසිනි. තරගයේ අවසන් ලකුණු තත්වය ලකුණු 6-4,2-6 ක් හා 4-6 ක් ලෙසින් දැක්විණි.
ජොකොවිච් අන්තර්ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි මුල් 50 සීමාව ඉක්මවූ තරගකරුවෙක් අතින් අන්තර්ජාතික තරගකරුවෙකු අතින් පරාජයට පත් වන්නේ 2010 වර්ෂයේදීය. ඒ ප්‍රංශයේ සාවියර් මලිස්සේ (එවකට 74 වැනි ස්ථානය) හමුවේය.
ජොකොවිච් තරගාවලියේ ඒකළ අංශයේ පසුගිය වරෂයේ ශූරයාද විය.
නඩාල්
මෙ
මරේ
ජොකොවිච්