මෙවර ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ සිය දෙවැනි ශතකය වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක ඒ.බී. ඩිවිලියර්ස් සමත්වුණා. ඒ අනුව රයිසින් පූනේ සුපර්ගෙයින්ට්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (07දා) පැවැති තරගයෙන් කඩුලු හතක ජයක් ලබාගැනීමටත් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පූනේ කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී ලකුණු 191ක් රැස්කරමින් බැංගලෝර් කණ්ඩායමට අභියෝගාත්මක ඉලක්කයක් ලබාදුන්නේය. නමුත් එම ඉලක්කය කිසිසේත්ම ගණන් නොගත් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිස ලකුණු 108ක් නොදැවී රැස්කරමින් ඔහු කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන ගියේය.
රයිසින් පූනේ කණ්ඩායමට ශ්රී ලංකාවේ තිසර පෙරේරා ක්රීඩා කරමින් පන්දුවට පහරදෙමින් පන්දු 8කදී ලකුණු 18ක් රැස්කළ අතර පන්දු යැවීමේදි පන්දුවාර තුනට ලකුණු 40ක් ප්රතිවාදින්ට ලබාදුන්නේය.