බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති ක්‍රිකට් තරගාවලිය අතර මග නවතා දැමිමට කොදෙව් ක්‍රිකට් මණ්ඩලය තිරණය කිරීමත් සමග කොදෙව් ක්‍රීඩකයන් ඉන්දිය ප්‍රිමියර් ලීග තරගාවලියට එක්කර ගැනීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා අයි.පී.එල්. පාලනාධිකාරිය මත දෙකකට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.
එක් පාර්ශ්වයක් පවසන්නේ කොදෙව් ක්‍රීඩකයන් ඉන්දිය තරගාවලිය අත්හැර හෙයින් ඔවුන්ව අයි.පී.එල්. තරගාවලියට එක්කර නොගත යුතු බවයි.
නමුත් ක්‍රිස් ගේල්, කිරන් පොලාඩ්, ඩ්වෙන් බ්රාවෝ, සුනිල් නාරින්, ඩැරන් සාමී වැනි ක්‍රීඩකයන් අහිමිවීම යනු ඔවුන් නියෝජනය කරන කණ්ඩායම්වලට බලවත් පාඩුවක් බව අනෙක් පාර්ශ්වය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එළඹෙන 21දා අයි.පි.එල්. පාලනාධිකාරිය හයිද්‍රාබාද්හි රැස්වීමටත් තීරණය කර තිබේ.