තවමත් එක්දින වරම් හිමි කරගෙන නැති කෝල්ට්ස් කණ්ඩායමට ක්රීඩා කරන වමතින් චයිනමන් පන්දු යවන ක්රීඩක ලක්ෂාන් සඳකැන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිවුවැනි හා පස්වැනි එක්දින තරග සඳහා කැඳවීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව කටයුතු කොට ඇත.
ඊට අමතරව ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටි වේගපන්දු යවන ක්රීඩක සුරංග ලක්මාල්ටද එම තරග දෙක සඳහා කැඳවීමක් ලැබී තිබේ.
කෙසේ වෙතත් පළමු තරග තුනට ඇතුළත් වූ නමුත් එක් අවස්ථාවක් පමණක් හිමි වූ තිළිණ කණ්ඩම්බි කණ්ඩායමෙන් ඉවත්කර තිබේ. ඒ වෙනුවට අශාන් ප්රියන්ජන් කණ්ඩායමට කැඳවා තිබේ.
දිගින් දිගටම අසාර්ථක වන කුසල් ජනිත් පෙරේරා වෙනුවෙන් නැවත වරක් ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විශ්වාසය පළකරමින් පස්වැනි හා සිවුවැනි තරග සඳහාද ඔහු නම්කර තිබේ.
පළමු තරග තුනේදී අවස්ථාවක් හිමිනොවූ ශමින්ද එරංගට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති අතර, අජන්ත මෙන්ඩිස්ද සිවුවැනි හා පස්වැනි තරග දෙක සඳහා කැඳවා නොමැත. බොහෝවිට ඔහු එම තරග දෙකෙන් විවේකගන්වා ඇතැයි විශ්වාස කළ හැකිය.
ශ්රී ලංකා සංචිතය- ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, රංගන හේරත්, අශාන් ප්රියන්ජන්, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ධම්මික ප්රසාද්, තිසර පෙරේරා, ළහිරු ගමගේ