නවසීලන්තය හා පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා වෙනුවට කිත්රුවන් විතානගේ කණ්ඩායමට එක් කිරිමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කුසල් පෙරේරා තහනම් උත්තේජන චෝදනාවට ලක්වූ හෙයින් ඔහු නවසීලන්තයේ සිට නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වීය. ඒ අනුව කිත්රුවන් විතානගේ කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව කටයුතු කොට තිබේ.
මේ අතර ආබාධයකට ලක්වූ ධම්මික ප්‍රසාද් වෙනුවට ණුවන් කුලසේකර ද , දණහිසේ ආබාධයකට ලක්ව සිටින විස්සයි20 නායක ලසිත් මාලිංගට ආදේශකයක් ලෙසින් තිසර පෙරේරාද එක්දින තරගාවලියට නම් කර තිබේ.
මාලිංග ඉදිරියේදී ශරීර යෝග්‍යතා පරීක්ෂණයට පෙනි සිටීමට නියමිත අතර එහිදී ලැබෙන ප්‍රතිඵලය මත ඔහු එක්දින තරගාවලියට එක්වීම හෝ එක්නොවිම තීරණය වෙනු ඇත. මාලිංග නිමාවූ කොදෙව් සංචාරයේදී දණහිසේ ආබාධයකට ලක්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයනය නිවේදනය කරයි. මෙම වෙනස්කම් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබි තිබේ. පළමු එක්දින තරගය දෙසැ. 26 දා ආරම්භවීමට නියමිතය.
ශ්‍රී ලංකා එක්දින සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, තිලකරත්න ඩිල්ෂාන්, ණුවන් ප්‍රදීප්, ධනුෂ්ක ගුණතිලක, චාමර කපුගෙදර, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග / තිසර පෙරේරා, අජන්ත මෙන්ඩිස්, සචිත්ර සේනානායක, මිලින්ද සිරිවර්ධන, ජෙෆ්රි වැන්ඩර්සේ, ණුවන් කුලසේකර, කිත්රුවන් විතානගේ