ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු පිළිබඳව අවසන් තීරණය ඉදිරි දින දෙක ඇතුළත ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
ජූලි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු යන තනතුරු සඳහා අයදුම්පත් කැඳවීය.
මේ අනුව හිටපු දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ලාන්ස් ක්ලූස්නර්, හිටපු සරේ පුහුණුකරු ක්‍රිස් ඇඩම්ස්, ඔස්ට්‍රේලියාවේ ශේන් ඩෆ්, හිටපු ඔස්ට්‍රේලියානු පුහුණුකරුවෙකු වූ දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර්, හිටපු නවසීලන්ත පුහුණුකරු ඇන්ඩි මෝල්ස් ඇතුළු කිහිපදෙනෙකු මෙම තනතුරු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයදුම්පත් යොමුකර ඇති බවද සඳහන් වෙයි.
ඈෂ්ලි ද සිල්වා මහතා තවදුරටත් පැවසුවේ අයදුම්පත් යොමුකළ අයවලුන්ගෙන් කිසිවෙකු පිළිබඳව හෝ තවම වැඩි අවධානයක් යොමුකර නොමැති බවයි.