ශ්රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු වූ සර්බියානු ජාතික නිකොලා කවසොවිච් සිය තනතුරින් ඉවත් වී ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්රිගු මහතා පැවසුවේ, කවසොවිච්ගේ වසරක සේවා කොන්ත්රාත් කාලය මේ මස අගදී නිමාවට පත් වීමට නියමිතව තිබූ බවත් ශ්රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගවාරය මේ මස මැදදී ආරම්භ වීමට නියමිත නිසාත් දෙපාර්ශවයේම එකඟතාව මත පසුගියදා (03) මෙම තීරණය ගත් බවයි. ඒ අනුව ඔහු ඊයේ (05දා) සිය රට බලා නැවත ගොස් ඇත.
මේ වනවිට ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය දේශීය පුහුණුකරුවන් වන සම්පත් පෙරේරා, ඩඩ්ලි ස්ටැන්බෝල් හා මහින්ද ගලගෙදර යන පුහුණුකරුවන් යටතේ ක්රියාත්මක වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.