අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම අද (03) දිනය නිමාවන විට පන්දුවාර 6ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 8ක් රැස්කරගෙන සිටියේය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඇලෙස්ටයාර් කුක් ලකුණු 7ක් හා ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 1 ක් රැස්කරගෙන සිටියි.
පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 76 ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 326 ක් රැස්කළේය. ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ස්ටීවන් ස්මිත් ලකුණු 115 ක් රැස්කරගෙන සිටියදී දැවිගියේය.පන්දු යැවීමේදී බෙන් ස්ටොක්ස් ලකුණු 99 ට කඩුලු 6 හා ස්ටුවට්බ්රෝඩ් ලකුණු 65 ට කඩුලු 2 ක් දවාලූහ.
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 326/10 (පන්දුවාර 76)
ස්ටීවන් ස්මිත් 115 (පන්දු 154, 4x17,6x1)
බ්‍රැඩ් හැඩ්න් 75 (පන්දු 90, 4x13)
ශේන් වොට්සන් 43 (පන්දු 59, 4x7)
රයන් හැරිස් 22 (පන්දු 27, 4x2,6x1)්
එංගලන්තය පන්දු යවීම
බෙන් ස්ටෝක්ස් 99/6 (පන්දුවාර 19.5)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 65/2 (පන්දුවාර 19.5)
ජේම්ස් ඇන්ඩර්සන් 67/1 (පන්දුවාර 21)
එංගලන්තය පළමු ඉනිම 8/1 (පන්දුවාර 6)
ඇලෙස්ටයාර් කුක් නොදැවී 7 (පන්දු 17, 4x1)
ජේම්ස් ඇන්ඩර්සන් නොදැවී 1 (පන්දු 0)
මයිකල් කාබරි 0 (පන්දු 9)
ඔස්ට්‍රේලියාව පන්දු යැවීම
මිචෙල් ජොන්සන් 3/1 (පන්දුවාර 3)