2014 වසරේදී ශ්රී ලංකා කණ්ඩායම එංගලන්තයේ කළ තරග සංචාරයේදී එජ්බැස්ටන් පිටියේ පැවැති තරගයේදී එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින ක්රීඩක හා පිතිකරු ජෝස් බට්ලර් මන් කාඩ් ක්රමයට දවා ගැනීමට සචිත්ර සේනානායක කටයුතු කිරීම බොහෝ දෙනෙකු විවේචනයට ලක්කළ කරුණක් වුණා.
කෙසේ වෙතත් බට්ලර්ට සීමා ඉර නොපනින ලෙස ශ්රී ලංකා කණඩායම අවවාද කර තිබුණත් එම අවවාද නොතකා කටයුතු කිරීම හේතුවෙන් සචිත්ර ඔහුව මන්ද කාඩ් ක්රමයට (පන්දු යවන විට පිතිකරුවා සීමා ඉර අබිබවා යන විට පන්දු යවන අන්තයේ කඩුල්ල පන්දු යවන්නා විසින් දවා ගැනීම) දවාගත්තා. එය ශ්රී ලංකා කණ්ඩායම පැත්තෙන් සාධාරණය.
ඉන් වසර දෙකකට පසුව බට්ලර්ට අද ශ්රී ලංකා කණ්ඩායම නැවතත් එම පිටියේදිම මුණ ගැසිමට නියමිත අතර එදා තමන් කළේ වැරැද්දක් බව බට්ලර් දැන් පිළිගනියි.
"ඒක පිතිකරුගේ වැරැද්ද? ඒක ක්රීඩාවේ නීතියට අදාළයි. ඒ හැම දෙයක්ම ක්රීඩාවේ අංග" යැයි බට්ලර් සඳහන් කරයි.
ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර පසුගියදා පැවැති පළමු එක්දින තරගයේදී එංගලන්ත කණ්ඩායමේ ජයග්රහණය වෙනුවෙන් බට්ලර් විශේෂ මෙහෙයක් ඉටුකළ අතර මේ වන විට ඔහු සිය රිද්මයේ උපරිමයෙන්ම සිටියි.
"ඒ අවස්ථාවේදී කනගාටුවක් තිබුණා තමයි. මොකද ඒක නිතරම වෙන්නේ නෑ. නමුත් මම එයින් දෙයක් ඉගෙන ගත්තා" යැයි බට්ලර් වැඩිදුරටත් පැවැසීය.
|
බට්ලර් මන් කාඩ් ක්රමයට දවා ගැනීමෙන් පසුව...
|