සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 4කට ලකුණු 214ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව එංගලන්ත පළමු ඉනිමට වඩා ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 106ක් ඉදිරියෙන් පසුවෙයි.
------------------------------------------------------------------------------------------------
4.33 P.M. එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 365කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ඔවුන් ශ්රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 108ක් ඉදිරියෙන් පසුවෙයි.
-------------------------------------------------------------------------------------------------
4.04 P.M. ලීඩ්ස්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරන එංගලන්ත කණ්ඩායම මේ වන විට කඩුලු 8කට ලකුණු 344ක් රැස්කරගෙන සිටියි.
තෙවැනි දිනයට අද තරගය ආරම්භ කරන විට එංගලන්ත කණ්ඩායම ලකුණු 320ක් රැස්කරගෙන සිටියේ කඩුලු 6ක් වැය කරමිනි.
ඉන්අනතුරුව අද දිනය ආරම්භ කළ සුළු මොහොතකින් ලකුණු 24ක් තුළ කඩුලු දෙකක් දවාගැනීමට ශ්රී ලංකා පන්දුයවන්නෝ සමත්වූහ.