එංගලන්තය අවසන් තරගය ජයගනියි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බාර්බඩෝස්හිදී ඊයේ (13දා) පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරගය ලකුණු පහකින් ජයගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. නමුත් 2-1 ලෙස තරගාවලියේ ජය කොදෙව් කණ්ඩායමට හිමිවිය.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 165/6 ක් රැස්කිරීමට සමත්විය. ආරම්භක පිතිකරු මයිකල් ලම්බ් පන්දු 40කදී ලකුණු 63 ක් රැස්කළේය.
ලකුණු 166 ජයග්රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 160/7 පමණි. වේගයෙන් ලකුණු අතරට පැමිණි ලිනඩ්ල් සිමන්ස් පන්දු 55කදී ලකුණු 69 ක් රැස්කරගෙන සිටියදී හත්වැනි කඩුල්ල ලෙස දුවද්දී දැවීයාමකට හසුවීම කොදෙව් පරාජයට ප්රධානම හේතුවක් විය. ලකුණු 39කට කඩුලු 03 ක් දවාලමින් එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ ක්රිස් ජෝර්දාන් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත් අතර, තරගාවලියේ වීරයා ලෙස ඩැරන් සැමී සම්මාන හිමිකරගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
