ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ නායකත්වයට හිටපු විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් පත්කොට තිබේ.
විස්සයි20 නිත්‍ය නායක ලසිත් මාලිංග ආබාධයකට ලක්ව ඇති හෙයින් ඉන්දීය තරගාවලියට ඔහු එක් නොවේ. නවසීලන්තය හා පැවැති විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් විසින් දරනු ලැබීය.
කලකට පසුව දිල්හාර ප්‍රනාන්දු කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ. මාලිංගට අමතරව ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර, රංගන හේරත් හා නුවන් ප්‍රදීප් ආබාධ හේතුවෙන් තරගාවලිය සඳහා තෝරා නොගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිතුක් කළ නිවේදනයේ වෙයි.
මේ වන විට පැවැත්වෙන සුපිරි විස්සයි20 තරගාවලිය අවසන් වූ පසුව ආසියානු කුසලානය හා විස්සයි20 ලෝක ශූරතාවලියට ක්‍රිඩා කරන සංචිතය නම් කිරීමට නියමිතය.
ඉන්දීය තරගාවලිය පෙබරවාරි 09දා, 12දා හා 14දා යන දිනවලදී පැවැත්වීමට නියමිතය.
විස්සයි20 සංචිතය - දනේෂ් චන්දිමාල් (නායක) තිලකරත්න ඩිල්ෂාන්, සීක්කුගේ ප්‍රසන්න, මිලින්ද සිරිවර්ධන, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, දුෂ්මන්ත චමීර, දිල්හාර ප්‍රනාන්දු, කසුන් රජිත, බිනුර ප්‍රනාන්දු, සචිත්ර සේනානායක, ජෙෆ්රි වැන්ඩසේ