ඉදිරියේදී ආරම්භ වන ආසියානු කුසලාන පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යන තරගාවලියන්හි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම ශ්‍රී ලංකා විස්සයි20 නිත්‍ය නායක ලසිත් මාලිංග විසින් සිදුකරනු ලබයි. මෙම තරගාවලියන් දෙකෙහිම උපනායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය සාකච්චාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ සහභාපති තිලංග සුමතිපාල මහතා විසින් මේ බව අනාවරණය කර සිටියේය.
ආබාධයක් හේතුවෙන් ඉදිරියේදී ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය හා ඉකුත්දා අවසන් වූ නවසීලන්ත සංචාරයේ විස්සයි20 තරගාවලියෙන් ලසිත් මාලිංග විවේක ගන්වා තිබූ අතර, ඒ වෙනුවට දිනේෂ් චන්දිමාල් නායකත්වයේ කටයුතු කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පවසා සිටියේ පුහුණුකරුවන් දොළොස් දෙනෙකු සමඟ සාකච්චා කර ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු ලෙස ග්රැහැම් ෆෝඩ් මහතා බඳවා ගත් බවයි. ෆෝඩ් මහතා සමඟ සාකච්චා කිරීම සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරද සහයෝගය ලබාදුන් බවදහෙතෙම පවසා සිටියේය.