හොංකොංහි පැවැත්වෙන 15 වැනි ආසියානු මැරතන් ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බී.ජී. නිලූකා ගීතානි රාජසේකර හා ජී.කේ.කේ.එස්. තිස්ස ගුණසේකර සහභාගී වනබව ජාතික මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි. ජී.එල්. සජිත් ජයලාල් මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස මෙම සංචාරයට එක්වෙයි.
පදක්කම් බලාපොරොත්තුවක් සහිත ක්‍රීඩිකාවන් වන නිලූකා, පසුගිය වසරේ ඔක්තෝබර් මස පැවැති 14 වැනි එල්.එස්.ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ පූර්ණ මැරතන් (කි.මී. 42.195) ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමත්වූවාය. ඒ සඳහා ඇය පැය 2.47.55 ගතකල අතර, එය ශ්‍රී ලංකා වාර්තාවක්ද විය. කෙසේ නමුත් ඇය ලැබූ මෙම ජයග්‍රහණයේ සුවිශේෂිතාව වන්නේ මෙම මැරතන් තරගය ඇය සහභාගී වූ පළමු ජාත්‍යන්තර මැරතන් තරගය වීමයි.
ඒ අනුව මෙම මස 25 වැනිදා ආරම්භ වන ආසියානු මැරතන් ශූරතාවලිය ඇය සහභාගීවන දෙවැනි ජාත්‍යන්තර මැරතන් තරගය වේ.