08 වැනි වරටත් සංවිධානය වන ආදී ආනන්දීය හා ආදී නාලන්දීය රග්බි හා ක්‍රිකට් සුලෝහිත සංග්‍රාමය (Battle of Maroons) හෙට (20දා) එක්සත් අරාබි එම්ර් රාජ්‍යයේ සාජාහි ඉංග්‍රීසි විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ආනන්ද විද්‍යාලයීය ශ්‍රේෂ්ඨ විදුහල්පතිවරයෙකු වන පී. ද එස්. කුලරත්න අනුස්මරණ කුසලානය වෙනුවෙන් මෙවර තරගාවලිය සංවිධානය වන අතර, මේ වනවිට පවත්වා ඇති තරගාවලි 07 අතුරෙන් ආදී ආනන්දීයයන්ට තරගාවලි 04 ක ජයක්ද, ආදි නාලන්දියයන්ට තරගාවලි 03ක ජයක්ද හිමිව තිබේ.
මෙවර රග්බි සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් ආදි ආනන්දීය කණ්ඩායම නවීන් යොහාන් පෙරේරා මෙහෙයවන අතර, ආදී නාලන්දීය කණ්ඩායම චානක සේනාතිලක මෙහෙයවීමට නියමිතය.
මෙහිදී විද්‍යාල ද්විත්වය අතර ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 04ක් තරග වැදීමට නියමිතය.
එහිදී පළමු ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක පුත් මධුර වර්ණපුර නාලන්ද කණ්ඩායමටද යොහාන් ගුණසේකර ආනන්ද කණ්ඩායමද මෙහෙය වීමට නියමිත අතර දෙවැනි ක්‍රිකට් තරගාවලිය සඳහා සංජීව කරුණාසේකර ආදී ආනන්ද කණ්ඩායමද විරාජ් ධර්මසිරි ආදී නාලන්ද කණ්ඩායමටද නායකත්වය සැපයීමට නියමිතය.