අශාන් හා ඉශාන් නරියා කන්දේ ආධිපත්‍යය පතුරුවති
අශාන් සිල්වා දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙසත් ඉෂාන් දසනායක දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙසත් සම්මාන හිමිකර ගනිමින් ‘ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් - 2018’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය දියතලාව (නරියාකන්ද) යුද හමුදා විද්‍යාපීඨ ධාවන පථයේදී නිමාවට පත්විය.
මෝටර් රථ හා යතුරු පැදි අංශ 24ක් යටතේ පසුගියදා (21දා) තරග පැවැති මෙවර තරගාවලියේ සුපර් කාර් (එස්.එල්.ජී.ටී./ සි.ධා. 3500 ඉක්ම වූ) ඉසව්වේ ආධිපත්‍යය සියතට ගත් අශාන් සිල්වා එහි අදියර ද්විත්වයේම ශූරතාව ජය ගැනීමට සමත් විය.
ඉෂාන් දසනායක මෝටර්ක්‍රොස් (සි.ධා. 175-250) ඉසව් ද්විත්වයෙන් පළමු ඉසව්වේදී තරගය තෙවැන්නා ලෙසින් නිමා කළ අතර, දෙවැනි අදියරේදී ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.
විජය පුවත්පත් පුද්ගලික සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය යටතේ පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන හා යුද හමුදා විද්‍යාපීඨයේ සේනා විධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න යන මහත්වරු සහභාගි වූහ.
ඡායාරූප - චානුක කුලසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.










































