දකුණු කොරියාවේ ඉන්චියොන්හිදී පැවැත්වෙන ආසියානු ක්රීඩා උලෙළේ ශ්රී ලංකා ක්රීඩකයෙකු ජයග්රහණය කළ පළමු රන් පදක්කම දිනාගැනීමට අනිල් ප්රසන්න මීට සුළුවෙලාවට පෙර සමත් විය. මෙය ආසියානු පැරා ක්රීඩා උලෙළ ඉතිහාසයේ ශ්රී ලංකා ක්රීඩකයෙකු ජයග්රහණය කළ දෙවැනි රන් පදක්කමද වෙයි.
අද (22දා) පැවැති මීටර 200 දණහිසින් පහළ පාදයක් අහිමි (ටී.42) අවසන් තරගයට සහභාගී වූ අනිල් තත්. 25.87 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කමට හිමිකම් කීය. ඔහුට අමතරව එම ඉසවේ ලෝකඩ පදක්කමද ශ්රී ලංකාවේ උපාලි ඉන්දික විසින් දිනාගත් අතර, තරගය අවසන් කිරීම සඳහා ඔහු තත්. 27.24ක දක්ෂතාවක් දැක්වීය. එම පදක්කම් දෙකක් සමගින් ශ්රී ලංකාව මේ වනවිට සමස්ත පදක්කම් අටක් (රන් -01, රිදී -03, ලෝකඩ-04) ජයග්රහණය කර පදක්කම් සටහනේ 18 වැනි ස්ථානයේ රැඳී සිටියි.