ADA
www.ada.lk
2025 ජුනි මස 23 වන සඳුදා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කර පසුගිය 17දාට වසර 20ක් සම්පූර්ණ වුණා. එම සුවිශේෂී ජයග්‍රහණය සැමරීමට හා උතුරු හා නැගෙනහිර වෙසෙන වකුගඩු රෝගීන්ට ආධාර රැස්කිරීම සඳහා වන ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් ඊයේ (19දා) කොළඹ සී.සී.සී. පිටියේදී පැවැත්වුණා.රෝයි ඩයස්ගේ නායකත්වයෙන් යුත් ඕල් ස්ටාර්ස් කණ්ඩායම හා අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුත් 1996 ලෝක කුසලානය ජයග්‍රහණ කළ කණ්ඩායම් අතර මෙම තරගය පැවැත්වුණා.
පන්දුවාර විස්සයි20 තරගයක් ලෙස මෙම තරගය පැවැති අතර මුලින්ම පන්දුවට පහරදුන් අර්ජුනගේ නායකත්වයෙන් යුත් ලෝක ශූර කණ්ඩායම ලකුණු 195ක් රැස්කළේ කඩුලු අටක් වැයකරමිනි.
ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕල් ස්ටාර්ස් කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 194ක් පමණි. ලෝක ශූර කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී පිතිහරඹයක නිරතවෙමින් අර්ධ ශතකයක් වාර්තා කළ රොමේෂ් කලුවිතාරණ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ලොක ශූර කණ්ඩායමේ උපනායක වූ අරවින්දද සිල්වාත් මෙම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කළා.
තරගය නැරඹීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා , ක්‍රීඩා අමාත්‍ය දසායිරි ජයසේකර මහතාද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ආනා පුංචි හේවා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
popular news
ට්‍රම්ප් මේක ආරම්භ කළා අපි මේක අවසන් කරනවා
දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුවේදී අද අණාවරණය වූ සංවේදී කරුණු
මාර්ග සංවර්ධන ඉතිහාසයේ විශාලම වංචාවක් කෝපා කමිටුවේදී හෙළිවෙයි
ගාල්ලේ රාජ්‍ය ආයතනවල සිටින සුනඛයන්ට කෑම දැමීම නතර කරමින් චක්‍රලේඛයක්
ස්පා තරුණ කාන්තාව බිහිකල බිළිදා රෝහල් නානා කාමරයෙ කාණුුවක
මුදල් නියෝජ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd