ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පාසල් ක්‍රිකට් ගැටුම (බිග් මැච්) වන ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර පැවැත්වෙන ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ. ඒ මේ වනවිට කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය සලකා බලමිනි
ආසියානු කුසලාන පළමු කොටසේ රග්බි තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ. ඒ මේ වනවිට කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය සලකා බලමිනි.
Read Moreදකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ට එරට ක්‍රිකට් ආයතනය මගින් නිකුත් කළ නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ලැයිස්තුවේ ස්ථානය අහිමිවී ඇත. ද. අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මගින් 2020-21 වර්ෂයන් සඳහා නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ලැයිස්තුව ඊයේ (24දා) එළි දැක්වූ අතර එම ලැයිස්තුවට ක්‍රීඩකයින් 16 දෙනෙකු අන්තර්ගතව ඇත.
Read Moreකොරෝනා වයිරස් අර්බුදය තුළ සමාජ දුරස්ථභාවය තබ ගනිමින් මිනිසුන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න වගකිව යුතු පාර්ශව විසින් උපදෙස් ලබාදී තිබියදී ඒවා නොසලකා හරින පුද්ගලයින් ’වගකීම් විරහිත සහ ආත්මාර්ථකාමී’ අය බවත්, ඔවුන් ගැන තමා කණස්සල්ලෙන් පසුවන බවත් ලෝක ෆෝමියුලා 1 ධාවන ශූර ලුවිස් හැමිල්ටන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටි. එමෙන්ම ඔහු සඳහන් කර සිටියේ අහිමි වූ ජිවිත ගැන තමන් දැඩි ලෙස කණගාටු වන බවයි.
Read Moreකොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දරන උත්සාහයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය) රජයට රුපියල් මිලියන 25 ක මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.
Read Moreඉන්දියාවේ සංචාරයක නිරතවූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය උපදෙස් ලබාදී ඇත.
Read Moreපී.එස්.එල් තරඟාවලියේ තීරකවරයෙක් ලෙස කටයුතු කල රොෂාන් මහානාම සිය නිවස තුල නිරෝධායනයේ යෙදෙන බව වාර්තා වේ.
Read Moreපාකිස්තානු සුපර් ලීග් (පී.එස්.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහගිවීමෙන් පසු යළි එංගලන්තයට පැමිණි ඇලෙක්ස් හෙල්ස්ට කෝවිඩ්-19 වෛරසයේ රෝගී ලක්‍ෂණ පෙන්නුම්කළ හෙයින් ඔහු ස්වයං නිරෝදානයකට ලක්වීමට තීරණය කර ඇත
Read Moreපාකිස්ථානයේ පැවැත්වෙමින් තිබූ පී.එස්.එල් තරඟවාලිය කොරෝනා වෛරසය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙඩි නොවදින වාහන ගෙන්වීමේ යෝජනාවක් පසුගියදා පැවති විධායක කමිටුවේදී සලකා බලා තිබේ.
Read Moreවසර 150කට ආසන්න දීර්ඝ ඉතිහාසයක් ඇති මෙරට පාසල් ක්‍රිකට් පිටියේ, පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ඉනිම ක්‍රීඩා කිරීමට ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට පැහැබර බලාපොරොත්තුවක් එක් කරමිනි.
Read Moreපවත්නා සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඉදිරි සති අන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මේජර් ක්ලබ් ටියර් “ඒ” සහ ටියර් “බී”තරඟ තවදුරටත් දැනුම් දෙන තෙක් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරඟ කමිටුව තීරණය කරයි.
Read Moreහිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ප්‍රවීන විස්තර විචාරකයෙක් වන සන්ජේ මන්ජේකර් ඉන්දියුනු ක්‍රිකට් පාලක මන්ඩලයට අයත් විස්තර විචාරකයන්ගේ ලැයිස්තුවෙන් නෙරපා හැර තිබේ.
Read Moreවිශිෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ පිහිටි ඔහුගේ හෝටල් දාමය කොවිඩ් 19 පෙළෙන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දී ඇත.
Read More2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සැලසුම්කළ පරිදි ජූලි මාසයේදී පවත්වන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළේය.
Read Moreමාර්තු 29 ආරම්භ වීමට නියමිතව තිබූ අයි.පී.එල් තරඟාවලිය අප්‍රේල් 15 දින දක්වා කල් දැමීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට තිබූ ටෙස්ට් තරඟාවලිය කෝවිඩ් - 19 වෛරසය නිසා කල් දැමීමට තීරණය කර තිබෙනවා.
Read Moreඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචඩ්සන්ට කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී ඇති බවට සැකයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කර තිබෙනවා.
Read Moreගාල්ල ඡාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - එංගලන්තය අතර ටෙස්ට් තරඟයට ප්‍රේක්ෂකයින් 3000ක් පමණ සහභාගී වේ යැයි සලකා බලා ශ්‍රී ලංකා තරඟ සංචාරය අත්හිටුවීම ගැන එංගලන්තය සලකා බලයි.
Read Moreමෙම සති අන්තයේදී තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වැළදී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙසේ තරගාවලිය අත්හැර දැමීමට කටයුතු කර තිබේ.
Read Moreඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරඟාවලිය කල් දමයි. මේ බව තිලිණ තුෂාර මිරැන්ඩෝ සිය ෆේස් බුක් පිටුවේ සඳහන් කර ඇත.
Read Moreකටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය හා මහනුවර,වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය අතර හෙට සහ අනිද්දා (13 හා 14) යනපල්ලේකැලේ ඡාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙදින මහා ක්‍රිකට් තාවකාලිකව කල්දමන ලද බව දැනුම් දෙයි
Read Moreමහනුවර ත්‍රිත්ව විදුහල හා කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී හෙට සහ අනිද්දා (13 – 14 ) පැවැත්වීමට නියමිතව තිබූ මහා ක්‍රිකට් තරගය කල්දමා ඇත. ත්‍රිත්ව විදුහලට රැස් වූ දෙවිදුහලේ විදුහල්පතිවරුන් ඇතුළු සංවිධායක මණ්ඩලය අද (12) මෙය තීරණය කරේය.
Read Moreඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරඟාවලියේ මින් ඉදිරියට පැවැත්වෙන සෑම තරඟයක්ම ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට අදාළ බලධාරීන් විසින් කටයුතු කර තිබේ.
Read Moreඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේදී නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබේ.
Read Moreඑංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට බලාපොරොත්තු වූවත්, ක්‍රීඩකයන් අබාධ වීමත් සමග එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පැවසීය. එමෙන්ම ලොව පුරා ව්‍යසනයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයෙන් (කෝවිඩ්-19) ආරක්‍ෂාවීම සඳහාද විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව ඔහු පැවසීය.
Read Moreකොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 141 වැනි වරටත් පැවැත්වෙන ‘නිල් මහ සටන’ මහා ක්‍රිකට් තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (එස්.එස්.සී) ක්‍රීඩාංගණයේදී අද (12දා) ආරම්භ විය. තෙදිනක් පුරා පැවැත්වෙන මෙය අනිද්දා (14දා) අවසන් වේ.
Read Moreඇමෙරිකාවේ ජාතික පැසිපන්දු තරගාවලියේ මෙවර තරගවාරය අත්හිටුවීමට ඇමෙරිකානු ජාතික පැසිපන්දු සංගමය තීරණය කර තිබේ.
Read More‘කෝවිඩ් - 19’ වෛරසය ලොව පුරා ව්‍යාප්තවීමත් සමඟ අන්තර්ජාතික තරගාවලි රැසක් පැවැත්වීම මේ වනවිට අවධානමකට ලක්ව තිබේ. ඇතැම් තරගාවලි සීමිත ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් සහිතව පැවැත්වීමට තීරණය කර ඇති අතර, ඇතැම් තරගාවලි මේ වනවිටත් කල්දමා තිබේ.
Read Moreපාසල් ක්‍රිකට් පිටියේදී ලකුණු 400 ක් රැස් කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පිතිකරු නවෝද් පරණවිතාන සමත් වෙයි.
Read More