saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Sports - timelapse 7599 hours ago

LATEST

ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් t20 තරඟය අ​ද

calendar_today 2021 ජුනි 26 - 17:24 remove_red_eye - 268  

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්ට අහිමි වී ති​බේ.

Read More

ශ්‍රී ලංකා - එංගලන්තය අත​ර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්තය සමත් වි​ය.

Read More

දුර පැනීම කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට ලක්‍ෂිනී සාරංගි ද සිල්වා ඊයේ (23දා) සමත් වූවාය. මේ දිනවල තුර්කියේ ඉස්තාන්බුල්හිදී පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගිවෙමින් ඇය මෙම වාර්තාව පිහිට වූ අතර, ඇයට සිය ඉසව්වේ පළමු ස්ථානයද හිමිවිය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වි​ය.

Read More

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින් බවට පත්වීමට නවසීලන්තය අද(23) සමත් වුණා.

Read More

ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ වෙබ් අඩවි ඔස්සේ පළවන සාවද්‍ය පුවත් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.98ක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතනය පවසයි.

Read More

ලෝක ශ්‍රේණිගතකිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් එංගලන්තය සිටින බැවින් තමන් ඇතුළු කණ්ඩායමට නැතිවෙන්න දෙයක් නොමැති බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 නායක කුසල් ජනිත් පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (23) කාර්ඩිෆ්හී සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩා පිටියේදී මෙරට වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භ වෙයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්‍ෂාන් 2023 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට නැතුවම බැරි ක්‍රීඩකයෙකු වන බවත්, ඔහු මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සිටින හොඳම ආයෝජනයක් බවත් සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

Read More

ටෝකියෝ ඔලිම්පික් උළලෙ සදහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව යුපුන් අබේකෝන් ලොව වේගවත්ම ධාවකයින් අතර 46 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය දෙවැනි අදියර ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට මෙවරත් කණ්ඩායම් 5ක් එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටි​යේ.

Read More

2021 LPL 20-20 තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (21) සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබන 27 වන දින මධ්‍යාහන 12 දක්වා එම ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමේ හැකියාව පවතියි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ICC Hall Of Fame සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා කහිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරට ඒ වෙනුවෙන් හිමිවන විශේෂිත හිස් වැස්ම ලැබුණ අවස්ථාව.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අතහැර යාමේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත්, තමන්ගේ තවමත් එකම අරමුණ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්ම ක්‍රීඩාකිරීම පමණක් බවත් ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි පවසයි.

Read More

කුළුඳුල් ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය ඉන්දියාව හා නවසීලන්තය අතර එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී අද (18දා) මෙරට වේලාවෙන් ප.ව. 3.00 ආරම්භ වේ. එළඹෙන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගය ජයපැරදුමින් නිමා වුවහොත් හෝ ලකුණු සමවුව හොත් ශූරතාව කණ්ඩායම් දෙකටම ලබාදීමට නියමිතය‍.

Read More

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් අතර පැවති පුහුණු එක්දින තරගයේදී කණ්ඩායම් දෙකම සම ලකුණු රැස්කිරීම හේතුවෙන් එම තරගය ජයග්‍රහණයකින් තොරව ඊයේ (16දා) අවසන් විය. කුසල් පෙරේරාගේ කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්විණි.

Read More

පාකිස්තානු සුපර් ලීග් (පී.එස්.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉතා උණුසුම්ව පැවැත්වේ.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙරටදී පැවැත්වෙන තරග සංචාරය සඳහා සූදානම්වන ඉන්දීය එක්දින හා විස්සයි20 කණ්ඩායම මේ දිනවල මුම්බායිහිදී සිය නිරෝදායනය වෙමින් සිටියි. ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එළබෙන 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

Read More

එංගලන්ත තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ආබාධයකට ලක්ව තිබේ.

Read More

එක්දින හා පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පුහුණු තරගය අද (16දා) පැවැත්වේ. ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් අතර පැවැත්වෙන මෙම පුහුණු තරගය පන්දුවාර 50 තරගයක් ලෙසින් පැවැත්වේ.

Read More

තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවේ අවසන් මහා තරගය පෙනෙන මානයේදී එහි ජයග්‍රාහකයන් ඇතුළු තරගවැඳි සියලුම කණ්ඩායම් සඳහා පිරිනැමීමට බලාපොරොත්තුවන ත්‍යග මුදල් අයි.සී.සී.ය විසින් ඊයේ (14දා) ප්‍රකාෂයට පත් කළේය.

Read More

ටෙස්ට් හා එක්දින පිටියෙන් සමුගෙන තිබෙන ලසිත් මාලිංග සඳහන් කරන්නේ විස්සයි20 පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණයක් ගෙන නොමැති බවයි

Read More

නවසීලන්ත වේගපන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සත්කාරක එංගන්ත කණ්ඩායම එංගලන්තයේදීම පරාජය කර ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (13දා) සමත් විය.

Read More

සංගාට පෙර මීට ඉහතදී ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙම නාමාවලියට ඇතුළත් කරනු ලැබීය. මුරලි මෙම නාමාවලියට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකිකයාද වෙයි.

Read More

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ ෆ්ලොරන්ස්හි පැවති ඩයමන්ඩ් ලීග් මළල ශුරතා අදියරකදී මීටර් සියය ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය. ඒ මීටර් සියය ඉසව්වේ තත්පර 10.16 ක කාළයක් වාර්තා කරමිනි. එහි ‍පෙරමුණ පොදුරාජ්‍ය මණ්ඩලයයීය මීටර් සියය ඉසව්‍වේ රන් පදක්කම හොබවන දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ ට හිමිවූ අතර ඔහු නිමා කළ කාළය තත්පර 10.08කි

Read More

එක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට ක්‍රීඩා කිරීම සඳහා ශිකර් දවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එළැඹෙන 28 දා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා පිටත්ව යෑමට තිරණය කර තිබේ.

Read More

එංගලන්තය අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි ඉහළින් සිටින නිසා අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් වුවත්, ඔවුන්ට අභියෝගයක් වී තරගාවලිය ජයගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්න බව ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.