5.27 P.M. පළමු දිනයට තරගය නිමාවන විට දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 91කදී කඩුලු 5ට ලකුණු 268ක් රැස්කරගෙන සිටියේය.
ඩි කොක් 17*, ස්ටේන් 0* නොදැවී පිටියේ රැදී සිටිති.
5.03 P.M. දකුණු අප්‍රිකා කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල ලෙස ඩු ප්ලෙසිස් පිටියෙන් ඉවත්කිරීමට දිල්රුවන් පෙරේරා සමත්විය. ඉන් අනතුරුව ඒ.බී. ඩිවිලියස් පිටියෙන් ඉවත්කිරීමට සුරංග ලක්මාල් සමත්විය. දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 90 අවසානයේදී කඩුලු පහකට ලකුණු 266 රැස්කරගෙන සිටියි.
ඩි කොක් 17*, ස්ටේන් 0*
AB de Villiers b Lakmal 21 (48b 4x4 0x6) SR: 43.75
F du Plessis c Silva b Perera 80 (196b 5x4 1x6) SR: 40.81
3.54 P.M. දකුණු අප්‍රිකා කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස නායක හෂීම් අම්ලා පිටියෙන් ඉවත්කිරීමට රංගන හේරත් සමත්විය. දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 74ක් අවසානයේදී කඩුලු 3ට ලකුණු 220ක් රැස්කරගෙන සිටියි. නව පිතිකරුවා ලෙස ඒ.බී. ඩිවිලියස් පිටියට පිවිසියේය.
ඩු ප්ලෙසිස් 70* ඩිවිලියස් 0* නොදැවී පිටියේ රැදී සිටිති.
HM Amla c Perera b Herath 11 (36b 1x4 0x6) SR: 30.55
3.21 P.M. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස ශතකයක් රැස්කළ එල්ගාර් දැවී ගියේය. නව ක්‍රීඩකයා ලෙස නායක හෂීම් අම්ලා පිටියට පිවිසියේය. දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 66ක් අවසානයේදී කඩුලු දෙකකට ලකුණු 204ක් රැස්කර ගෙන සිටියි.
ඩු ප්ලෙසිස් 64*, අම්ලා 1* පිටියේ රැදී සිටිති.
D Elgar c †Chandimal b Lakmal 103 (187b 11x4 3x6) SR: 55.08
2.29 P.M. සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට ඩීන් එල්ගාර් සමත්විය. දකුණු අප්‍රිකාව පන්දුවාර 58ක් අවසානයේදි එක් කඩුල්ලකට ලකුණු 193ක් රැස්කර ගෙන සිටියි.
එල්ගාර් 102*, ඩුප්ලෙසිස් 56*
1.29 P.M. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 136ක් රැස්කරගෙන සිටියි. දිනයේ සාර්ථකම පිතිකරුවා බවට පත්ව තිබෙන ඩීන් එල්ගාර් සිය දෙවැනි ශතකය ආසන්නයේ සිටියි. එල්ගාර් 81* ඩු ප්ලෙසිස් 20* නොදැවී පිටියේ රැදී සිටිති.
12.05 P.M. දිවා ආහාරය සඳහා තරගය නවත්වන විට දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 29ක් අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 111ක් රැස්කර ගෙන සිටියි. එල්ගාර් 60*, ඩු ප්ලෙසිස් 14* නොදැවී පිටියේ සිටිති.
11.22 A.M. දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ කඩුලු මුවාකිරීමේ වරදට හසුවූ අල්විරෝ පීටර්සන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් මුලු ලකණු සංඛ්‍යාව 70දී පිටියෙන් ඉවත්විය. දකුණු අප්‍රිකානුවෝ පන්දුවාර 18ක් අවසානයෙදී ලකුණු 71ක් රැස්කරගෙන සිටිති. නව පිතිකරුවා ලෙසින් ඩු ප්ලෙසිස් පිටියට පිවිසියේය.
ඩී. එල්ගාර් 36* ඩුප්ලෙසිස් 0
AN Petersen lbw b Perera 34 (46b 4x4 0x6) SR: 73.91
10.59 A.M. සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 13 ක් අවසානයේදී කිසිවෙකු නොදැවී ලකණු 58ක් රැස්කරගෙන සිටියි.
ඩී. එල්ගාර් 32* ඒ. පීටර්සන් 26*
ඡායාරූප ශාන්ත රත්නායක