(UPDATE) 17.30 PM
ඔස්ට්රේලිානු කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව හතරවැනි දිනය අවසන් වන විටදී කඩුළු 8 ක් දැවී ලකුණු 312 ක් ලබා ස්ථාවර මට්ටමක සිටිය හ. මේ අනුව ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 288 ක් ඉදිරියෙන් පසු වන්නේ කඩුළු 2 ක් අතැතිවය.
නොදැවී පන්දුවට පහර දෙන ධනංජයද සිල්වා ලකුණු 44 ක් රැස් කරගෙන සිිටින අතර සුරංග ලක්මාල් තවම ලකුණු රැස් කොට නොමැත. ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස ලකුණු 115 ක් රැස් කරගෙන සිටි කෞෂාල් සිල්වා දැවී ගිය අතර රංගන හේරත් ටද රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 5 ක පමණී. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නේදන් ලයන් කඩුළු 4 ක් බිඳ හෙලීය. හෙට (17) තරගයේ පස්වැනි හා අවසන් දිනයයි.
(UPDATE) 16.15 PM
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සිය තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට මීට සුළු මොහොතකර පෙර සමත් විය. ඒ ඔස්ට්රේලිාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ හතරවැනි දිනයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදීය. පන්දු 251 කදි වාර්තා වු කෞෂාල් සිල්වා ගේ ශතකයට හතරේ පහර 9 ක් අන්තර්ගත විය. මේ සමගින් තරගාවලියේ ශතකයක් වාර්තා කළ 4 වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවටද කෞසාල් පත්විය. කෙසේ වෙතත් කෞෂෘල් සමගින් ලකුණු 90 ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 43 කට දැවි යාමත් සමගින් මේ වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුළු 6 ක් දැවී ලකුණු 246 ක් ලෙස සනිටුහන් වේ. ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට වඩා මේ වන විට කඩුළු 4 ක් අතැතිව ලකුනු 224 ක් ඉදිරියෙන් සිටියි.
(UPDATE) 14.45 PM
ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ හතරවැනි දිනයේදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටිනා ශ්‍රී ලංකා කණ්ඩායම තේපානය සඳහා තරගය නතර කරන විටදී කඩුළු 5 ක් දැවී ලකුණු 187 ක් රැස් කරගෙන සිටියේය. නොදැවී කඩුල්ලේ රැඳී සිටිනා කෞෂාල් සිල්වා ලකුණු 78 ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 10 ක්ද ලබා සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකාව කඩුළු 5ක අතැතිව ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 163 ක් ඉදිරියෙන් පසුවේ. දිවා ආහාරයවන විට කඩුළු 4 ක් දැවී ලකුණු 109 ක් ලෙසින් දැක්වුණු ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 45 ක් එක් වන විටදී නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 26 කට දවා ගැනීමට නේදන් ලයන් සමත් විය. කෞෂෘල් සමගින් රී ලංකා දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු සබඳතාව (58) වාර්තා කිරීමට දායක වූ ඇන්ජලෝ ලකුණු 26 ක් රැස් කළේය.
13.51 P.M
ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී කෞෂාල් සිල්වා සිය 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය. පන්දු 139 කදී වාර්තා වූ ඔහුගේ ආර්ධ ශතකයට හතරේ පහර 4 ක් අන්තර්ගත විය. එමෙන්ම මෙම තරගාවලියේදී ඔහු වාර්තා කළ පළමු අර්ධ ශතකය මෙය විය. පන්දුවාර 49ක් අවසානයේදී හ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 159 ක් රැස්කරගෙන සිටියි.
12.40 P.M.
සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ හතරවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විටදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටිනා ශ්‍රී ලංකාව පන්දුවාර 34 කදී කඩුළු 4 ක් දැවී ලකුණු 109 ක් ලබා සිටියි. නොදැවී කඩුල්ලේ රැඳී සිටිනා කෞෂාල් සිල්වා ලකුණු 32 ක් ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 4 ක්ද ලබා සිටි යි.ඒ අනුව ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා කඩුළු 6 ක් අතැතිව ලකුණු 85 ක් ඉදිරියෙන් සිටියි.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවිමෙන් මිචෙල් ස්ටාක් කඩුළු 2 ක් දවාගෙන ඇති අතර සමස්ථ තරගාවලියේ ම මේ දක්වා වැඩිම කඩුළු ලාභියා වන ඔහු මේ වන විට කඩුළු 24 ක් දවා ගෙන ඇත.
මේ සමගින් ශ්‍රී ලංකාවේ පැවති ටෙස්ට් තරගාවලියක වැඩිම කඩුළු ලාභියාගේ වාර්තාව අභිබවා යාමට ස්ටාක් සමත් වූ අතර මීට පෙර 1983 වර්ෂයේදී නවසීලන්තයේ රිචඩ් හැඩ්ලි (කඩුළු 23) විසින් මෙම වාර්තාව පිහිටුවා තිබිණ.
11.45 A.M.
සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටිනා ශ්‍රී ලංකාව ලකුණු සියයේ සීමාව ඉක්මවීමට මීට මාෙහාතකට පෙර සමත් විය. ඒ පන්දුවාර 27.3 ක් තුළදීය. නොදැවී පන්දුවට පහර දෙන කුසල් පෙරේරා ලකුණු 27 ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 1 ක් ලබා සිටි යි.
අද දිනය ආරම්භ වන විටදී කඩු්ලක් දැවී ලකුණු 22 ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 22 ක් එක් වද්දී ආරම්භක පිිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 22 කට දවා ලීමට නේදන් ලයන් සමත් වූ අතර ඉන් අනතුරුව කුසල් ජනිත් පෙරේරා ඉනිමට වේගවත් ලකුණු 24 ක් එක් කළද මුළු ලකුනු සංඛ්‍යාව 69 වන විටදී ඔහු දැවි ගියේය.
කෙසේ වෙතත් තරගාවලිය පුරාවටම ස්ටාක් ගේ පන්දු හමුවේ අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් දෙවැනි ඉනිමේදීද ලකුණු 18 කට දවා ලීමට මිචෙල් ස්ටාක් සමත් වීම කැපී පෙණින. ඔහු දැවී යන විටදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුෙණ් 98 ක් ලෙසිනි.