ADA
www.ada.lk
2025 ජුලි මස 15 වන අඟහරුවාදා
ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු දිනය නිමා වන විටදී ශ්‍රීලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 5 ක් දැවී ලකුණු 214 ක් ලබා සිටියි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 116 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 64 ක් බැගින් රැස් කරගෙන සිටිති.
ඔහුන් දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 189 ක සබඳතාවක් පැවැත්වීය. මෙය ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකදී හයවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර 2011 වර්ෂයේදී ගාල්ලේදී පැවති තරගයකදී මහේල ජයවර්ධන හා ඇන්ජලෝ මැතිව්ස් හයවැනි කඩුල්ල වෙනුවෙන් දැක්වූ ලකුණු 142 ක සබඳතාව ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් දැක්විිණි.
මිචෙල් ස්ටාක් කඩුළු 3 ක් හා නේදන් ලයන් කඩුළු 2 බැගින් බිඳ හෙළුහ. තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ශ්‍රීලංකාව පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කළද ශ්‍රී ලංකා පළමු කඩුළු 5 ලකුණු 26 කදී බිඳ හෙළීමට ඔසටේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 214ක් දක්වා රැගෙන යාමට ධනංජය හා චන්දිමාල් සමත්වූහ.
මෙම තරගයේදීත් සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් අසාර්ථක වූය. පළමු කඩුල්ල ලෙස ලකුණු 2දී කෞෂාල් සිල්වා (0) දැවී ගිය අතර ලකුණු 7ක් රැස්කළ දිමුත් කරුණාරත්න තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 23දී දැවී ගියේය. හෙට (14) තරගයේ දෙවැනි දිනයයි.
popular news
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
බලංගොඩ ප්‍රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිගේ නිල රථය හා කැබ් රථය මංගල හයර් වලට යොදාගෙන
එයාර් ඉන්දියා අනතුර ගැන මූලික වාර්තාව නිකුත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd