ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායම ඇගයෙයි
මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඇගයීමේ උලෙලක් අද (21) උදෑසන ජාතික ඔලිම්පික් නිවහනේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපතිනි .. , ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු හා එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරුන් සහභාගි වූහ.
තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගි වීමට නියමිත අතර එයින් සාමාජිකයන් 4 දෙනෙකු මේ වන විට විදෙස් පුහුණුවීමි සඳහා ගොස් ඇත.
කෙසේ වෙතත් ඔම ක්‍රීඩික ක්‍රීඩිකාවන් සියළු දෙනා එළඹෙන 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඔවුන් සියළුම දෙනා එළඹෙන ජූලි 30 වැනිදා හා අගෝස්තු පළමු වැනිදා දිවයිනෙන් පිටත් වීමට නියමිතය.
ඡායාරූප- ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
