ළහිරු තිරිමාන්න ටෙස්ට් කණ්ඩායමට
ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ.
දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ආබාධයකට ලක්ව සිටි ණුවන් ප්රදීප් එක්කර ඇති අතර සදීර සමරවික්රම හා ළහිරු තිරිමාන්නද යළිත් කණ්ඩායමට එක්කර ඇත.
කණ්ඩායමේ උපනායකයා ලෙස දිමුත් කරුණාරත්න නම් කර තිබේ.
තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 15 දා ආරම්භවීමට නියමිතය. තරගාවලියට එක්වීම සඳහා ශ්රී ලංකා කණ්ඩායම 04 දා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.
ශ්රී ලංකා සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක) දිමුත් කරුණාරත්න (උපනායක), කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, සදීර සමරවික්රම, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ණුවන් ප්රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
