සූරියවැව පහරදීම හෙළා දකිනවා - නාමල්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකාව අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැති එක්දින තරගයේදී පොලීසිය හා ආරක්ෂක අංශ විසින් ප්රේක්ෂකයින්ට පහරදීම පිළිකුළින් යුතුව හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එසේම අදාළ සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් නැවතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීමට රජය කටයුතු කළ යුතු බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් ප්රකාශ කළේය.
සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගනයේ පැවති ශ්රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර තරගයේදී පොලීසිය හා ආරක්ෂක අංශ විසින් ප්රේක්ෂයින්ට පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර කඩිනම් පරීක්ෂණයක් පවත්වා නැවතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීමට රජය කටයුතු කළ යුතුය. https://t.co/yXSUI3yBaH
— Namal Rajapaksa (@RajapaksaNamal) February 27, 2020
popular news
-
Rufus Randeniya Friday, 28 February 2020 05:57 AM
සුරිය වැව පොලිස් පහර දීම රතු පස්වල සිද්දිය මතක් කරවයි. පොලු වලින් පහර දීමට නියෝග කල තැනැත්තා ගැන සොයා බලන්න.
Reply : 0 0
Dammika randeniya Friday, 28 February 2020 10:39 PM
Aka atta
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

