සුරංග වාර්තා අතරට
ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙමින් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග තුනම ජයගත් පළමු නායකයා ලෙස සුරංග ලක්මාල් අද වාර්තා අතරට එක්විය.
නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් තරග තහනමකට ලක්විම හේතුවෙන් අද නිමාවූ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ හා ඊට පෙර කොදෙව් හි පැවැති ශ්‍රී ලංකා කොදෙව් තෙවැනි ටෙස්ට් තරගය මෙහෙයවිමේ වගකීම සුරංග ලක්මාල්ට පැවැරිණි.
එම තරග තුනම ඔහු ජය ගැනීමට සමත්වූ අතර ශ්‍රී ලංක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එම දක්ෂතාව දැක්වූ පළමු ක්‍රීඩකයා සුරංග ලක්මාල් විය.
කොදෙව් තෙවැනි ටෙස්ට් තරගය - ශ්‍රී ලංකාවට කඩුලු 4ක් ජයක්
දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය - ශ්‍රී ලංකාවට ලකුණු 278ක ජයක්
දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගය - ශ්‍රී ලංකාවට ලකුණු 199ක ජයක්

popular news
-
Lakshitha Tuesday, 24 July 2018 03:57 PM
චන්දිමාල්ව නායකත්වයෙන් අයින් කරලා සුරංගව දිගටම නායකත්වයේ තබමු. චන්දිගෙන් පිතිකරුවෙක් ලෙස උපරිම සේවයක් ගනිමු!
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
