ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 25 වන බ්රහස්පතින්දා
ජාතික කණිෂ්ඨ ශූරතා කඩු හරඹ (ෆෙන්සින්) තරගාවලියේ වයස 19 න් පහළ අංශයේ බාලක මිශ්ර කණ්ඩායම් ශූරතාව දිනා ගැනිමට ගල්කිස්ස ශා.තෝමස් කණ්ඩායම සමත්විය. මෙම තරගාවලිය කොළඹ රාජකීය විදුහල් මාස් ඇරීනා බොක්සිං ක්රීඩාගාරයේදී නිමාවට පත්විය. එහි රිදී පදක්කම කොළඹ රාජකීය විදුහල් 'ඒ' කණ්ඩායම විසින් දිනා ගන්නාන ලදී. මෙහි ලෝකඩ පදක්කම ගලිකිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල හා මහවත්ත මහ විදුහල් 'ඒ' කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. මෙහි 19 න් පහළ බාලිකා අංශයේ රන් පදක්කම මොරටුව වේල්ස් කුමරි විදුහල විසින් දිනා ගන්නා ලද අතර මහනුවර මහවත්ත මහා විදුහල් කණ්ඩායම විසින් එහි රිදී පදක්කම දිනා ගත්තතේය. සාරානාත් විදුහල් කණ්ඩායම විසින් මෙහි ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී. මෙම තරගාවලිය 19 න් පහල හා 15 න් පහළ ලෙස වයස් කාණ්ඩ 2 ක් යටතේ පැවැත්විණි. එමෙන්ම තරගාවලියේ තරග අංශ 3 ක් (Saber, Foil, Epee) ලෙස කොටස් 3 ක් යටතේ පැවැත්විණි.
කණිෂ්ඨ අංශයේ තරග අවස්ථා කිහිපයක්
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඊශ්රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්ය සේවයට අලුතෙන් 70000ක්
නා උයනේ කේබල් කාර් ඩක්කුවක් කඩා වැටී හිමිවරු 7 නමක් අපවත්වෙති
තංගල්ල මතුකුඩු ලොරියේ හිමිකරු අවු. 25ක තරුණයෙක්, ගෙදර පාපැදියක්වත් නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd