ADA
www.ada.lk
2025 මැයි මස 17 වන සෙනසුරාදා
පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ තරගාවලියේ කුසලාන මහා තරග අද (20දා) දියගම ජපන් මිත්‍රත්ව ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර ඉනිම් 9 ක් පුරා ක්‍රියාත්මක වූ තරගයේදී ශ්‍රී ලංකාව ජය හිමිකර ගත්තේ තියුණු තරගයකින් අනතුරුව ලකුණු 5-4 ක් ලෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායමද වෙමින් මෙම ශූරතාවට හිමිකම් කීය. ශ්‍රී ලංකාව අඛන්ඩව මෙම ශූරතාව දිනා ගත් දෙවැනි අවස්තාවද මෙය විය. මෙහි තෙවැනි ස්තානයට ඊයේ (20දා) පැවති තරගයෙන් ඉරානය පරදා ලකුණු 08-01 ක පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය.
ශ්‍රී ලංකා හා පාකිස්ථාන අවසන් තරගයේ අවස්ථාවක්
තෙවැනි ස්ථානය දිනූ ඉන්දීය කණ්ඩායම
අනුශූරතාව දිනූ පකිස්තාන් කණ්ඩායම
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
2015 - 2024 කාලයේදී පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නෑ - පාර්ලිමේන්තුවේදී අනාවරණය වෙයි
උකුවෙල කාන්තාවක් ඝාතනය කරයි
සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයාට චීනයෙන් ගෞරව මහාචාර්ය ධුරයක්
උකුවෙල හා රත්තොට බලය පිහිටුවන්න මෙහෙයුමක්
විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ප්‍රථම වරට කාන්තාවක්
හෙද විශ්ව විද්‍යාලය නුදුරේදීම ආරම්භ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd