ශ්‍රී ලංකාව තවමත් පෙරමුණේ
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ අලුබදුන තරගාවලියේ පළමු තරගය අවසන් වුණේ ඔස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක් හිමි කර දෙමිනි.
එම තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ක්‍රීඩා කළ පළමු තරගයයි.
ඒ අනුව ඔවුන්ට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක් වන අතර, හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 100%ක්.
ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 24ක් හිමිව ඇත. එහි ලකුණු ප්‍රතිශතය දැක්වෙන්නේ ද 100%ක් ලෙසයි.
ඒ අනුව ප්‍රතිශතය අනුව ස්ථාන තෝරා ගනු ලබන ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ශ්‍රී ලංකාවට හිමිව තිබේ..
popular news
-
samson de silva Sunday, 12 December 2021 01:28 AM
Eka thamayi api kiyanne. Api peramuney. Mey Ratey minissu monwata kegahanawada manda, haal mila, piti mila, pohora, kiripiti, gas aadee noyek prashna gena? Yako, kiribath kaalaa, natapiyaw, api peramuney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

