විස්සයි20 සංචිතය නම් කරයි- නායකයා මාලිංග
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (27දා) නම් කළ අතර, 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වයට සුපුරුදු පරිදි ලසිත් මාලිංග නම් කර ඇත.
මේ අතර කොදෙව් විස්සයි20 සංචිතයද පසුගියදා නම් කළ අතර, එහිද කණ්ඩායම් නායක ලෙස කිරන් පොලාඩ් කටයුතු කරයි.
දෙරට අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලියේ සියලු තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එහි පළමු තරගය මාර්තු මස 04 වැනිදා හා දෙවැනි තරගය 06 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා සංචිතය
1 ලසිත් මාලිංග (නායක), 2. අවිශ්ක ප්‍රනාන්දු, 3. කුසල් ජනිත් පෙරේරා, 4. ෂෙහාන් ජයසූරිය, 5. නිරෝෂන් දික්වැල්ල, 6. කුසල් මෙන්ඩිස්, 7. ඇන්ජලෝ මැතිව්ස්, 8. ධනංජය ද සිල්වා, 9. තිසර පෙරේරා, 10. දසුන් ශානක, 11. වනිඳු හසරංග, 12. ලක්ෂාන් සඳකැන්, 13. ඉසුරු උදාන, 14. නුවන් ප්‍රදීප්, 15. ළහිරු කුමාර
කොදෙව් සංචිතය
1 ෂිම්රන් හෙට්මයර්, 2. බ්‍රෙන්ඩන් කිං, 3. රොව්මන් පවෙල්, 4. ලෙන්ඩ්ල් සිමන්ස්, 5. කිරන් පොලාඩ් (නායක), 6. ෆෙබියන් ඇලන්, 7. ඩ්වෙන් බ්රාවෝ, 8. අන්ඩ්‍රි රසල්, 9. ෂේ හෝප්, 10. නිකලස් පුරාන්, 11. ශෙල්ඩන් කොට්රල්, 12. ඔෂේන් තෝමස් 13. හේඩ්න් වොල්ෂ්, 14. කෙස්රික් විලියම්ස්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

