වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
තමා තවමත් වර්ගවාදි අපහාවලට එරෙහිව කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම
නිවේදනය කරමින් ඕස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා පැවැසීය.
39 හැවිරිදි ඔහු ඉරිදා සිඩ්නි හි ආරම්භ වන එංගලන්තයට එරෙහිව අළු බඳුන අවසන් මහා තරඟයේදී ඔහුගේ 88 වන
ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරනු ඇත, ඔහු 2011 දී එම එංගලන්තයට එරෙහිව ජාත්‍යන්තර වරම් හිමිකර ගත්තේය.
කවාජා පාකිස්තානයේ උපත ලැබ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලැබීය.කවාජා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු මුස්ලිම් ජාතිකයා බවටද පත්විය.
"මම පාකිස්තානයේ ආඩම්බර මුස්ලිම් පිරිමි ළමයෙක්, 'ඔහු කිසි විටෙකත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා
කරන්නේ නෑ' යැයි අතමුන් කීවා. දැන් බලන්න." යැයි වමත් පිතිකරු බ්‍රහස්පතින්දා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔහුගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ දෙමාපියන් සහභාගී වූ හැඟීම්බර මිනිත්තු 50 ක ප්රවෘත්ති සාකච්ඡාවකදී තම විශ්‍රාම ගැනිම නිවේදනය කරමින් පැවැසිය.
"මට හැම විටම ටිකක් වෙනස් බවක් දැනුණා, මේ වෙනකම් පවා. මම සුදු නොවන ක්‍රීඩකයෙක්. මගේ මතය අනුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තමයි හොඳම කණ්ඩායම. ඒක අපේ ආඩම්බරය සහ ප්‍රීතිය. නමුත් මට ගොඩක් තැන්වලදී වෙනස් බවක් දැනුණා, මට සැලකූ ආකාරය වෙනස්. ඒ දේවල් සිදු වූ ආකාරය අනුව වෙනස්. මට කොන්දේ කැක්කුමක් තිබුණා, ඒක මට පාලනය කරගන්න බැරි දෙයක්. නමුත් මාධ්‍ය සහ හිටපු ක්‍රීඩකයින් මාව විචේචනය කළා.
එයා කණ්ඩායමට කැපවෙලා නැහැ, එයා තමන් ගැන විතරයි. එයා ආත්මාර්ථකාමීයි, එයා පුහුණුවීම් කරන්නේ නෑ. එයා කම්මැලියි වගේ දේවල් කිව්වා...ඒවා හරිම පෞද්ගලිකයි.
මම හිතුවේ මාධ්‍ය, පැරණි ක්‍රීඩකයින් සහ අනෙක් සියල්ලන්ම ඒවා අමතක කරලා කියලා. නමුත් පැහැදිලිවම ඒවා අමතකර කරලා නෑ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කිසිවෙකුට එසේ සලකනවා මට දැනිලා නෑ.
මට හිතුනා මට මේක මතු කරන්න ඕනේ කියලා. මට මේ ගැන කතා කරන්න ඕන වුණේ නැහැ, නමුත් මට ඕන ඊළඟ උස්මාන් කවාජාගේ ගමන වෙනස් වෙන්න. මට ඕන සැමට එක වගේ සලකන්න. එයාලා කවුද කියලා වාර්ගික ඒකාකෘති තියාගන්න එපා. මම ක්‍රීඩා කරන මගේ අනෙකුත් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සලකන විදිහටම අනෙක් අයටත් සලකන්න".

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

