වනිඳු,දුෂ්මන්ත රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට
ශ්රී ලංකා ක්රීඩකයන් වන දග පන්දු යවන තුන් ඉරියව් ක්රීඩක වනිදු හසරංග සහ වේග පන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීර මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග සදහා ක්රීඩා කිරීම වෙනුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.
රෝයල් චැලෙන්ජර්ස් නියෝජනය කළ ඇඩම් සම්පා වෙනුවට හසරංගත්,ඩැනියෙල් සැම්ස් වෙනුවට දුෂ්මන්ත චමීර ද එම කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.
IPL තරගාවලියේ ඉතිරි තරග ආරම්භ කරමින් පළමු තරගය, එනම් මෙවර තරගාවලියේ 30 වන තරගය සැප්තැම්බර් 19 වනදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඩුබායි හී දී පැවැත්වීමට නියමිතව තිබේ.
ඩුබායිහී දී තරග 13ක් ද, සාජා හී දී තරග 10 ක් ද අබුඩාබි හී දී තරග 8ක් ද පැවැත්වීමට නියමිතයි.
අවසන් වටයේ පළමු තරගය ඩුබායිහී දී ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වෙන අතර, අවසන් වටයේ දෙවැනි හා තෙවැනි තරග ඔක්තෝබර් 11 වැනිදා හා 13 වැනිදා සාජාහී දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
popular news
-
cric Saturday, 21 August 2021 04:42 PM
dear wanindu and chameera.. IPL gihin ganak aran awata kamak na. eth tamange secrets eliyata denna epa. natnam eka oyalage anagatha dakshata adu weemata hetuwak wei. IPL eka indian ugulak.ekata ahuwenna epa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

