ලෝක කුසලාන නායකත්වය දිමුත්ට
එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිමුත් කරුණාරත්නට පැවරූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (17දා) සන්ධ්‍යාවේ නිවේදනය කළේය. කෙසේ නමුත් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් නොකළ අතර, එම සංචිතය බොහෝ දුරට හෙට (18දා) දිනයේ නම් කිරීමට නියමිතව ඇත.
-
Champa Thursday, 18 April 2019 09:26 AM
අපූරු මිනිහ ලංකාව නියෝජනය කරන්න. මේ ඊයේ පෙරේද බීල වාහනයක් එලවල trishaw කාරයෙක්වත් හැප්පුව. හරි නම් කණ්ඩායමෙන් අයින් කරන්න ඕනේ. මේක නම් ෂුවර් එකටම බුකි කාරයන්ගේ තේරීමක්. මේකට තමයි වේලාසනම කියන්න පටන් ගත්තේ ලංකාවට ලෝක කුසලානේ දිනන්න බැහැ කියලා. මෙයාගේ ක්‍රිකට් වාර්තා මොනවාද? මාලිංග දකුණු අප්‍රිකා තරඟ මාලාවම දිනනවා බැරි වුනේ ඇතුලේ අනිත් ක්‍රීඩකයන්ගේ කුමන්ත්‍රණය නිසා. ඕනේ කෙනෙකුට පේනවා හොඳට ගහන්න පුළුවන් කම තියෙද්දිත් ගැහැව්වේ නැහැ අනික උවමනාවෙන් අවුට් වුන. පැරද්දුවේ මාලිංග නායකයා හින්ද. ලංකාවේ ක්‍රිකට් දැන් තියෙන්නේ ආයේ හදන්න පුළුවන් තැනක නෙමෙයි. විනය අන්තිමයි. දැන් කරන්න තියෙන එකම දේ ක්‍රිකට් වලට පාසල් මට්ටමේ ඉඳන් රට වෙනුවෙන් සෙල්ලම් කරන, තරඟ පාවා නොදෙන, විනය අතින් ඉහල මට්ටමකට ඉන්න අලුත් පරපුරක් හදන්න ඕනේ. මේගොල්ලන්ව ආදර්ශේට ගත්තොත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයොත් නරක වෙයි. දිමුත් නායකයා කරලා මාලිංගව නිකම් ක්‍රීඩකයෙක් විදිහට ගත්තොත් මාලිංග සෙල්ලම් කරන්නේ නැහැ කියල දන්නවා. මේ වැඩේ කරලා තියෙන්නේ මාලිංගව කණ්ඩායමෙන් අයින් කරන්නමයි. එක අවුරුදු හතරෙන් ලංකාවේ ක්‍රිකට් විනාසම කරලා දැම්ම කාලකන්නි a
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

