රංගන හේරත් බංග්ලාදේශයට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ධුරය සඳහා ඉල්ලීමක් ලැබී ඇත. කෝවිඩ්-19 තත්වය හේතුවෙන් බංග්ලාදෙශ කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු පුහුණුකරු ඩැනියෙල් විටෝරිට එම කණ්ඩායම සමගින් එක්වීමට නොහැකිවීම නිසා හේරත්ට මෙම තනතුරට ඉල්ලුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හේරත් පැවසුවේ තමන්ට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් ලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බවත්ය.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් දක්වන්නේ මේ තනතුරට හේරත් සමගින් ඉන්දියාවේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩක සයිරාජ් බහතුලේ හා පාකිස්ථානයෙ සයිඩ් අජ්මාල්ගේ නම්ද ඉදිරිපත්වී ඇති බවය. කෙසේ නමුත් හේරත් මේ අතරින් ඉදිරියෙන්ම සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වේ.
ටෙස්ට් ඉනිම් 170 කදී කඩුළු 433 ක් දවා සිටින හේරත් ලංකාව වෙනුවෙන් දෙවැනි වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා මෙන්ම ලොව වැඩිම ටෙස්ට් කඩුළු ප්‍රමාණයක් දවාගත් වමත් පන්දු යවන්නාද වේ.
popular news
-
Demuni Uduwara Wednesday, 02 June 2021 04:53 AM
A brain drain!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

