මිචෙල් ස්ටාක්ගෙන් ඉන්දියාව බේරාගත්තේ නුවන්ද?

ඉන්දියාව යනු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනා ගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරන කණ්ඩායමකි. පිතිකරණ, පන්දු රැකීම හා පන්දු යැවීම යන අංශ ත්‍රිත්වයෙන්ම ශක්තිමත් ඉන්දීය කණ්ඩායම ශක්තිමත් වීමට ඉන්දියාව සතු වූ ප්‍රබල පුහුණුකරණ අංශයද බලපා ඇති බව නොරහසකි.
ඒ අතරින් විශේෂත්වයක් වන්නේ ඉන්දීය කණ්ඩායමේ සහය පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලාංකිකයෙකු සේවය කිරීමයි. නුවන් සෙනෙවිරත්න වන ඔහු පසුගිය වර්ෂයේ (2018) සැප්තැම්බර් මසදී සිය තනතුරේ වැඩ භාර ගත් අතර මෙවර ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන්ට පන්දු විසි කිරීමේ පුහුණුකරු (Throwing Coach) ලෙසද කටයුතු කරයි. ඒ ඔහු සතු වූ දක්ෂ පන්දු විසි කිරීමේ හැකියාව හේතුවෙනි.
39 හැවිරිදි නුවන් පසුගියදා ඔස්ට්‍රේලියාව සමගින් පැවැති තරගයට පෙරද ඉන්දීය පිතිකරුවන් පුහුණු කරනු දක්නට ලැබිණ. ඉන්දීය මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණේ වමත් වේග පන්දු යවන්නෙකු වූ නුවන්ගේ සේවය විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක්ගේ පන්දු සඳහා පුහුණු වීමට වඩාත් යෝග්‍ය බවයි.
නුවන්ගේ ක්‍රීඩා සමාජ ජීවිතය පළමු පෙළ තරග දෙකකට පමණක් සීමා වී ඇත. කෙසේ වෙතත් ඔහු කලක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින්ද කටයුතු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
