මහේලගේ ඉනිමෙන් සභාපතිට ජය
- 6 11 2013
- 09:40
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
මහේල ජයවර්ධනගේ දක්ෂ පිතිහරඹයත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා 'එ' කණ්ඩායම පරාජය කර ලකුණු 20 ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ලකුණු 248ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා 'එ' කණ්ඩාමට පන්දුවාර 41.2 අවසානයේ සියල්ලන් දැවී රුස්කිරීමට හැකිවූයේ ලකුණු 227 පමණි.
ශ්‍රී ලංකා 'එ' ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 අවසානයේ ලකුණු 247/7 රුස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ මහේල ජයවර්ධන ලකුණු 84ක් රුස්කරගෙන සිටියදී දුවද්දී දැවීයාමකට හසුවිය.
ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම පන්දුවට පහරදීම 247/7 (පන්දුවාර 42)
මහේල ජයවර්ධන 84 (පන්දු 72, 4x9, 6x2)
ටී.එම් ඩිල්ශාන් 47 (පන්දු 45, 4x3, 6x2)
දිමුත් කරැණාරත්න 46 (පන්දු 59, 4x2)
ශ්‍රී ලංකා 'එ' පන්දු යැවීම
සුරංග ලක්මාල් 57/3 (පන්දුවාර 8)
සීක්කුගේ ප්‍රසන්න 48/2 (පන්දුවාර 9)
ශ්‍රී ලංකා 'එ' පන්දුවට පහරදීම 227/10 (පන්දුවාර 41.2
දිල්රැවන් පෙරේරා 49 (පන්දු 62, 4x2, 6x2)
කුසල් ජනිත් 38 (පන්දු 37, 4x3, 6x1)
කිත්රුවන් විතානගේ 37 (පන්දු 47, 4x2)
ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම පන්දු යැවීම
නුවන් කුලසේකර 48/3 (පන්දුවාර 9)
සචිත්ර සේනානායක 23/2 (පන්දුවාර 9)
ඇන්ජලෝ මැතිව්ස් 19/2 (පන්දුවාර 3.2)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
