බංග්ලාදේශයට ලකුණු 295ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ට ලකුණු 294ක් වාර්තා කිරිමට සමත්වූයේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක්වීමට නායක දිමුත් කරුණාරත් (46), කුසල් පෙරේරා (42),කුසල් මෙන්ඩිස් (54), ඇන්ජලෝ මැතිව්ස් (87), දසුන් ශානක (30) සමත්වූහ.
බංග්ලාදේශය වෙනුවෙන් සෞම්‍ය සර්කාර් හා ෂාෆියුල් ඉස්ලාම් කඩුලු 3 බැගින් දවාගත්හ.
තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට ලකුණු 295ක ඉලක්යක් හිමිව තිබේ. තරගාවලිය මේ වන විටත් 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. මෙම තරගය ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත් නුවන් කුලසේකර වෙනුවෙන් නම්කර තිබේ.

popular news
-
Isuru Wednesday, 31 July 2019 06:37 PM
Not Bangladesh. Sri Lanka won.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

