සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය අද (11දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු තරගය පාකිස්තානය ජයග්‍රහණය කළ අතර, දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
ඒ අනුව අද තරගය තීරණාත්මක තරගයක් වීමට නියමිතයි.
එහිදී මෙම තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් තරගාවලිය තරග එකට එකක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කළ හැකි අතර, තරගය පාකිස්තානය ජයග්‍රහණය කරන්නේ නම් තරග 2ට බිංදුවක් ලෙස ඔවුන් තරගාවලිය ජයග්‍රහණය කරනු ඇත.