පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 110 සීමා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
මෙහිදි ඩිල්ෂාන් මධුශංක ලකුණු 34ට කඩුලු පහක් දවා ගත්තේය. පාකිස්තාන ඉනිමෙන් වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්යාව බාබර් අසාම් රැස් කළේය. ඒ් ලකුණු 29ක් ලෙසයි.
මෙම තරගය ශ්රී ලංකාව ජයගත හොත් තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහ තරගය ශ්රී ලංකාව හා පාකිස්තානය සමග පැවැත්වෙනු ඇත.
