දිමුත් ටෙස්ට් ලකුණු 5000යි
- 29 04 2021
- 12:08
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ ලකුණු 5000 සීමාව පසුකර යෑමට සමත්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින් පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.
දිමුත්ට ඒ සඳහා වැය වී ඇත්තේ තරග 72ක් පමණි. එසේම ජාත්‍යන්තර පිටියේ ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකළ 97 වැනි පිතිකරු මෙන්ම ලංකාවේ එම දක්ෂතාව දැක්වූ 10 වැනි පිතිකරු ලෙස දිමුත් වාර්තා අතරට එක්වෙයි.
බංග්ලාදේශය සමගින් පැවැති පළමු ටෙස්ට් තරගයේදී දිමුත්ව ලකුණු 244ක් රැස්කිරීමට සමත්වූ අතර එය ඔහුගේ ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.
දිමුත් සිය ටෙස්ට් දිවිය තුළ ශතක 11ක් රැස්කරගෙන සිටියි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

